කාබන් උපරිම විමෝචන තත්ත්වයට ළඟාවීම සහ කාබන් උදාසීනත්වය ළඟා කර ගැනීමට චීනය සක්‍රිය ව මෙන්ම ස්ථීරව උත්සාහ දරන බව චීන ජනපති කියයි
2022-10-16 15:04:28
Share with:

කාබන් උපරිම විමෝචන තත්ත්වයට ළඟාවීම සහ කාබන් උදාසීනත්වය ඉටු කර ගැනීමට චීනය සක්‍රිය ව මෙන්ම ස්ථීරව උත්සාහ දරන බව චීන කොමියුනිස්ට් පක්ෂයේ මධ්‍යම කාරක සභාවේ මහලේකම්, ජනාධිපති ෂී ජින්පිං මහතා පවසයි. චීනයේ බලශක්ති සම්පත් තත්ත්වය මත යාවත්කාලීන කරමින් ක්‍රමානුකූලව කාබන් උපරිම විමෝචන තත්ත්වයට ළඟාවීමේ මෙහෙයුම ක්‍රියාත්මක කළ යුතුය. බලශක්ති සම්පත් විප්ලවය ගැඹුරින් ඉදිරියට ගෙන යාම හා පිරිසිදු හා කාර්යක්ෂම අයුරින් ගල්අඟුරු භාවිතය ප්‍රචලිත කිරීමට චීනය කටයුතු කරන බව ෂී ජින්පිං මහතා කියාසිටියේය.

එසේම, නව ආකාරයේ බලශක්ති සම්පත් පද්ධතිය ස්ථාපනය කඩිනම් කරමින් දේශගුණ විපර්යාසයට මුහුණදීමේ ගෝලීය පරිපාලනයට චීනය සක්‍රිය ලෙස  දායක වන බව ද චීන ජනාධිපතිවරයා පවසා ඇත.

ගුවන් විදුලිය
20240423අඟහරුවාදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම