චීන කොමියුනිස්ට් පක්ෂයේ මධ්‍යම කාරක සභාවේ මහ ලේකම්, ජනාධිපති ෂී ජින්පිං මහතා චීන කොමියුනිස්ට් පක්ෂයේ 20වන ජාතික කොංග්‍රසය වෙත වාර්තාවක් ඉදිරිපත් කරයි
2022-10-16 11:57:14
Share with:

චීන කොමියුනිස්ට් පක්ෂයේ 20වන ජාතික කොංග්‍රසය අද(16) බෙයිජිං නගරයේ ආරම්භ විය.

චීන කොමියුනිස්ට් පක්ෂයේ මධ්‍යම කාරක සභාවේ මහ ලේකම්, ජනාධිපති ෂී ජින්පිං මහතා චීන කොමියුනිස්ට් පක්ෂයේ 19 වැනි මධ්‍යම කාරක සභාව වෙනුවෙන් චීන කොමියුනිස්ට් පක්ෂයේ 20වන ජාතික කොංග්‍රසය වෙත වාර්තාවක් ඉදිරිපත් කළේය.

චීන කොමියුනිස්ට් පක්ෂයේ 18 වැනි ජාතික කොංග්‍රසය පැවැත්වීමෙන් පසු වසර 10 ගතවී තිබේ. එම වසර 10 තුළ චීන කොමියුනිස්ට් පක්ෂය හා ජනතාවට වැදගත් යථාර්ථවාදී හා ගැඹුරු ඓතිහාසික අර්ථය සහිත ප්‍රධාන කාර්ය තුනක් සිදුව ඇති බව ෂී ජින්පිං මහතා සඳහන් කළේය.

චීන කොමියුනිස්ට් පක්ෂය ගොඩනැගීමේ 100 වැන සංවත්සරය පිළිගැනීම, චීන ලක්ෂණයෙන් යුත් සමාජවාදය නව යුගයට ප්‍රවේශ වීම, අන්ත දරිද්‍රතාව පිටුදැක සම්පූර්ණයෙන්ම සුවපහසු සමාජයක් බිහි කිරීම මගින් පළමු වන සියවසේ ඉලක්කය ඉටු කිරීම එම ප්‍රධාන කාර්යයන් තුනයි. එය චීන කොමියුනිස්ට් පක්ෂයේ හා චීන ජනතාවගේ සාමූහික උත්සාහයෙන් අත්කර ගත් ඓතිහාසික ජයග්‍රහණයක් මෙන්ම චීන ජාතික වර්ධන ඉතිහාසයේ දීප්තිමත් අවස්ථාවකි. එමෙන්ම එය ලොවට ගැඹුරු බලපෑමක් සහිත ඓතිහාසික ජයග්‍රහණයක්  බව ද  ෂී ජින්පිං මහතා අවධාරණය කළේය.

ගුවන් විදුලිය
20240326අඟහරුවාදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම