මිනිසා සහ සොබාදහම අතර සහජීවනයේ උච්චතම ස්ථානයේ සිට සංවර්ධනය සැලසුම් කළ යුතු බව චීන ජනපති කියයි
2022-10-16 17:15:26
Share with:

මිනිසා සහ සොබාදහම අතර සුහද සහජීවනයේ ඉදිරි දර්ශනයෙන් චීනය සිය සංවර්ධනය සැලසුම් කරන බව, චීන කොමියුනිස්ට් පක්ෂයේ 20වන ජාතික කොංග්‍රසයේ කාර්ය වාර්තාවෙහි දැක්වෙයි.

 

චීනයේ පාලක පක්ෂය වන චීන කොමියුනිස්ට් පක්ෂයේ 20වන ජාතික කොංග්‍රසය බෙයිජිං නගරයේ පිහිටි මහජන මහ ශාලාවේ දී අද (16) පෙරවරු 10 ට ආරම්භ විය. ස්වභාවධර්මයට ගරු කර, ඒවාට අනුගත වීම සහ ආරක්ෂා කිරීම නවීන සමාජවාදී රටක් සර්වසම්පූර්ණ ලෙස ගොඩනැගීම සඳහා නෛසර්ගික අවශ්‍යතාවයකි. ‘පිරිසිදු ජලය සහ සශ්‍රීක කඳු’ යන සංකල්පය තරයේ තහවුරු කර ප්‍රගුණ කළ යුතු අතර මිනිසා සහ සොබාදහම අතර සුහද සහජීවනයේ උච්චතම ස්ථානයේ සිට සංවර්ධනය සැලසුම් කළ යුතු බව, චීන කොමියුනිස්ට් පක්ෂයේ මධ්‍යම කාරක සභාවේ මහලේකම්, ජනාධිපති ෂී ජින් පිං මහතා ජාතික කොංග්‍රසය වෙත වාර්තාව ඉදිරිපත් කරමින් පෙන්වා දුන්නේය.



ගෙවී ගිය දශකය තුළ චීනය ලොව අන් සියලු රටවලට වඩා ගස් සිටුවා ඇති අතර, එය ලෝක වනාන්තර වර්ධනයෙන් සියයට 25ක් වේ.

 

ගුවන් විදුලිය
20240418බ්‍රහස්පතින්දා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම