චීනය සිය දෙවන සියවස් ඉලක්කය කරා අභිමානවත් නව ගමනක
2022-10-16 20:41:23
Share with:


චීනයේ පාලක පක්ෂය වන චීන කොමියුනිස්ට් පක්ෂයේ 20වන ජාතික කොංග්‍රසය අද (16) බෙයිජිං නගරයේ පිහිටි මහජන මහ ශාලාවේ දී ආරම්භ විය. ෂී ජින්පිං මහතා චීන කොමියුනිස්ට් පක්ෂයේ 19 වැනි මධ්‍යම කාරක සභාව වෙනුවෙන් 20වන ජාතික කොංග්‍රසය වෙත වාර්තාවක් ඉදිරිපත් කළේය.

 

චීන නවීකරණය යනු සියලු ජනතාවගේ පොදු සමෘද්ධිය සඳහා වූ නවීකරණයකි. අතිමහත් බහුතරයකගේ මූලික අවශ්‍යතා අවබෝධ කර, ආරක්ෂා කර, සංවර්ධනය කර, ජනතාවගේ වඩාත් ක්ෂණික සහ යථාර්ථවාදී අවශ්‍යතා තදින් ග්‍රහණය කරමින් , පොදු සමෘද්ධිය ස්ථාවර ලෙස ඉදිරියට ගෙන යා යුතු බව ෂී ජින්පිං මහතා එම වාර්තාවෙන් පෙන්වා දුන්නේය .

ගෙවුණු දශකය තුළ ඓතිහාසික ආශ්චර්යයක් නිර්මාණය කරමින්, චීනයේ මිලියන 98.99 ක් වූ ග්‍රාමීය වැසියන් දරිද්‍රතාවයෙන් මුදාගෙන ඇත. 2020 වන විට චීනයේ මධ්‍යම ආදායම්ලාභී ජනගහනය මිලියන 400 ඉක්මවූ අතර, මේ ජනතාව සංවර්ධනය සඳහා ප්‍රබලතම විභවය සහිත ලොව විශාලතම මධ්‍යම ආදායම්ලාභී කණ්ඩායම බවට ද පත්විය. 2021 දී චීනය සෑම අතින්ම මධ්‍යස්ථ සමෘද්ධිමත් සමාජයක් ගොඩනැගීම සම්පූර්ණ කර, චීන ජනතාවගේ පළමු සියවස් ඉලක්කය සපුරා ගත්තේය. 20 වැනි ජාතික කොංග්‍රසයට ඉදිරිපත් කෙරුණු සිය වාර්තාවෙන් ෂී ජින්පිං මහතා ප්‍රකාශ කළේ, මෙතැන් සිට චීනය නවීන සමාජවාදී රටක් සර්ව සම්පූර්ණ වශයෙන් ගොඩනැගීමේ සිය දෙවන සියවස් ඉලක්කය කරා නව ගමනක් ආරම්භ කරන බවයි.

 

ගුවන් විදුලිය
20240328බ්‍රහස්පතින්දා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම