තම රටේ ආර්ථික ප්‍රතිපත්තීන් යම්තාක් දුරකට වැරදි බව බ්‍රිතාන්‍යයේ නව මුදල් ඇමති කියයි
2022-10-16 15:43:12
Share with:

තම රටේ මූල්‍ය ප්‍රතිපත්ති යම්තාක් දුරකට වැරදි බව බ්‍රිතාන්‍යයේ නව මුදල් අමාත්‍ය  Jeremy Hunt මහතා පවසයි.

ඔහු ඊයේ(15) මේ බව ප්‍රකාශ කළේ ය.

පෙර පැවති රජය සකස් කළ මූල්‍ය ප්‍රතිපත්ති දියාරු බවත්, විශේෂයෙන්ම විශාල පරිමාණ බදු කප්පාදු කිරීම් වැනි ක්‍රියාමාර්ගවලදී ඔවුන් දැඩිව අසාර්ථක වූ බව මුදල් අමාත්‍යවරයා  කියාසිටී.

බ්‍රිතාන්‍ය රජය, ආර්ථිකය පණගැන්වීම සඳහා විශාල පරිමාණයෙන් බදු කප්පාදු කරන බව, පසුගිය 23වැනි දා ප්‍රකාශයට පත්කළේ ය. ගෙවිය යුතු වන 45% ක උපරිම ආදායම් බදු අනුපාතය අවලංගු කිරීම ද ඊට ඇතුළත් ය. කෙසේවෙතත්, මෙම තීරණයෙන් ධනවතුන්ගේ බදු අඩුකෙරෙන අතර,  ඉන් එරට සමාජ විෂමතාව උග්‍රවනු ඇති බවට විශ්වාස කෙරේ.

ගුවන් විදුලිය
20240426සිකුරාදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම