චීනයෙන් සංවර්ධන අත්දැකීම් උගත හැකි බව ජාත්‍යන්තර දේශපාලනඥයෝ පවසති
2022-10-16 19:56:11
Share with:

විවිධ රටවලට චීනයෙන් සංවර්ධන අත්දැකීම් උගත හැකි බව ජාත්‍යන්තර දේශපාලනඥයෝ පවසති.

දිළිඳුකම පිටුදැකීම සහ ආර්ථික සංවර්ධනය අතින් කැපීපෙනෙන ප්‍රතිඵල ලබා ඇති චීනයෙන් විවිධ රටවලට සංවර්ධන අත්දැකීම් උගත හැකි බව ජාත්‍යන්තර දේශපාලනඥයන් රැසක් මාධ්‍ය හමු‍වේ ප්‍රකාශ කර තිබේ.

චීන කොමියුනිස්ට් පක්ෂයේ 20 වැනි ජාතික කොංග්‍රසය චීනයේ මීළඟ අදියරේ සංවර්ධනය සඳහා දිශාව පෙන්වාදෙමින් ගෝලීය සංවර්ධනයට සහාය වීමේ අපේක්ෂාවෙන් පසුවන බව ඔවුහු පැවසූහ.

වඩා සාධාරණ හා යුක්ති සහගත ගෝලීය පාලන පද්ධතියක සංවර්ධනය අඛණ්ඩව ප්‍රවර්ධනය කරන චීනය, ලෝක සාමය, ස්ථාවරත්වය හා සංවර්ධනය සඳහා වැදගත් කාර්යභාරයක් ඉටුකරනු ඇතැයි ද ඔවුන් සඳහන් කර තිබේ.

ගුවන් විදුලිය
20240416අඟහරුවාදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම