ගෙවී ගිය වසර 10 තුළ චීනයේ පරිසරය පෙර‍ට වඩා යහපත් වී ඇති බව චීන ජනපති පවසයි
2022-10-16 12:49:57
Share with:

චීනය කේන්ද්‍රීය තාක්ෂණ රැසක ජයග්‍රහණ අත්පත් කර ගනිමින් උපාය මාර්ගිකව නැගී එන කර්මාන්ත යහපත් ලෙස වර්ධනය කර ඇති බව චීන කොමියුනිස්ට් පක්ෂයේ මධ්‍යම කාරක සභාවේ මහ ලේකම්, ජනාධිපති ෂී ජින්පිං මහතා සඳහන් කරයි.

ගගනගාමීන් සහිත අභ්‍යවකාශ යානා නිකුත් කිරීම, චන්ද්‍රයා සහ අඟහරු ගවේෂණය, ගැඹුරු මුහුදේ සහ ගැඹුරු භූමි අභ්‍යන්තර ගවේෂණය, සුපිරි පරිගණක තාක්ෂණය, චන්ද්‍රිකා යාත්‍රාකරණය, ක්වොන්ටම් තොරතුරු තාක්ෂණය, න්‍යෂ්ටික විදුලි තාක්ෂණය, විශාල ගුවන් යානා නිෂ්පාදනය මෙන්ම වෛද්‍ය හා ඖෂධ අංශය වැනි ක්ෂේත්‍රවල වැදගත් ජයග්‍රහණ ලබා ඇත. එමගින් චීනය නිර්මාණශීලි රටවල් අතරට ප්‍රවේශ වී ති‍බේ.

මේ අතර ගෙවී ගිය වසර 10 තුළ පිරිසිඳු ජල‍ය හා හරිත වර්ණ කඳුකර සම්පත් රත්‍රං සේ වටිනා යන සංකල්පය අනුගමනය කරමින් ජෛව ශිෂ්ටාචාර පද්ධතිය වඩාත් යහපත් කිරීමට හැකිව තිබේ. ජෛව පරිසරයේ ඓතිහාසික, සංධිස්ථානගත වෙනසක් රට තුළ සිදුව ඇත. චීනයේ අහස වඩාත් නිල්වන් පැහැයෙන් මෙන් කඳුකර වඩාත් හරිත වර්ණයෙන් දිස්වන අතර, ජල සම්පත් වඩාත් පිරිසිදු වී ඇති බව ද ෂී ජින් පිං මහතා අවධාරණය කළේය.

ගුවන් විදුලිය
20240329සිකුරාදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම