ජල පෝෂක ප්‍රදේශවලට අඛණ්ඩව වර්ෂාව ලැබුණහොත් විදුලි කප්පාදුව අවම මට්ටමක තබාගත හැකිවන බව විදුලිබල ඇමති කියයි
2022-10-16 18:51:37
Share with:

ජලවිදුලි උත්පාදනය ඉහළයාම සහ අඩු බලශක්ති ඉල්ලුම හේතුවෙන් ලංකා විදුලිබල මණ්ඩලය සතිඅන්තයේ විදුලි කප්පාදුව අඩුකරනු ඇතැයි විදුලිබල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර මහතා පවසයි. ට්විටර් පණිවුඩයක ඔහු මේ බව සඳහන් කර ඇත.

ජලපෝෂක ප්‍රදේශවලට අඛණ්ඩව වර්ෂාව ලැබුණහොත් විදුලි කප්පාදුව අවම මට්ටමක තබා ගැනීමට හැකිවනු ඇත. කෙසේ වෙතත් ඉදිරි විදුලි උත්පාදන කටයුතු සදහා ලංකා විදුලිබල මණ්ඩලය පවතින ජල සම්පත් කළමනාකරණය කරනු ඇතැයි ද අමාත්‍යවරයාගේ ට්විටර් පණිවුඩයේ දැක්වේ.

ගුවන් විදුලිය
20240426සිකුරාදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම