මහ ලේකම්, ජනාධිපති ෂී ජින්පිං චීන කොමියුනිස්ට් පක්ෂයේ 20වන ජාතික කොංග්‍රසය වෙත වාර්තාවක් ඉදිරිපත් කරයි
2022-10-16 19:38:03
Share with:

චීනයේ පාලක පක්ෂය වන චීන කොමියුනිස්ට් පක්ෂයේ 20වන ජාතික කොංග්‍රසය අද (16) පෙරවරු 10ට බෙයිජිං නගරයේ පිහිටි මහජන මහ ශාලාවේ දී ආරම්භ විය.

 චීන කොමියුනිස්ට් පක්ෂයේ මධ්‍යම කාරක සභාවේ මහලේකම්, ජනාධිපති ෂී ජින්පිං මහතා චීන කොමියුනිස්ට් පක්ෂයේ 19 වැනි මධ්‍යම කාරක සභාව වෙනුවෙන් චීන කොමියුනිස්ට් පක්ෂයේ 20වන ජාතික කොංග්‍රසය වෙත “චීන ලක්‍ෂණ සහිත සමාජවාදයේ ශ්‍රේෂ්ඨ ධජය ඔසවාගෙන නවීන සමාජවාදී රටක් සර්ව සම්පූර්ණ වශයෙන් ගොඩනැගීමට එක්ව කටයුතු කිරීම ”මැයෙන් යුත් වාර්තාවක් ඉදිරිපත් කළේය.

චීන කොමියුනිස්ට් පක්ෂයේ 18 වැනි ජාතික කොංග්‍රසය පැවැත්වීමෙන් පසු ගෙවී ගිය දශකය තුළ පක්ෂය හා ජනතාවට වැදගත් යථාර්ථවාදී හා ගැඹුරු ඓතිහාසික අර්ථ සහිත ප්‍රධාන කාර්ය තුනක් සිදුව ඇති බව ෂී ජින්පිං මහතා මෙහිදී සඳහන් කළේය. චීන කොමියුනිස්ට් පක්ෂය ගොඩනැගීමේ ශත සංවත්සරය පිළිගැනීම, චීන ලක්ෂණයෙන් යුත් සමාජවාදය නවයුගයට ප්‍රවේශ වීම, අන්ත දරිද්‍රතාව පිටුදැක සම්පූර්ණ වශයෙන් සුවපහසු සමාජයක් බිහිකිරීම මගින් පළමුවන සියවස් ඉලක්කය ඉටු කිරීම එම ප්‍රධාන කාර්යයන් තුනයි.

පක්ෂයේ ස්වයං පිරිසිදු කිරීම, ස්වයං වැඩිදියුණුව සහ ස්වයං නවෝත්පාදනය පූර්ණ වශයෙන් ප්‍රවර්ධනය කළ යුතු අතර, ඉන් චීන කොමියුනිස්ට් පක්ෂය චීන ලක්ෂණයන්ගෙන් යුතු සමාජවාදී කාර්යයේ තිරසර නායකත්ව හරය බවට පත් වන බව ද හෙතෙම අවධාරණය කළේය.

විශාල පක්ෂයකට මුහුණදීමට සිදුවන ප්‍රශ්න විසඳීමේදී චීන කොමියුනිස්ට් පක්ෂය සෑමවිට ම පැහැදිලි අවබෝධයකින් යුක්තව, අධිෂ්ඨානශීලීව ක්‍රියා කළ යුතු බව ෂී ජින්පිං මහතා පැවසීය.

2300කට වැඩි නියෝජිත පිරිසක් හා විශේෂ ආරාධිතයන් ඊට එක්ව සිටි අතර, චීන කොමියුනිස්ට් පක්ෂ‍ නොවන පුද්ගලයෝ ද ඊ‍ට සහභාගි වූහ.

චීන සහ විදේශීය මාධ්‍යවේදීහු 2,500 ක් පමණ චීන කොමියුනිස්ට් පක්ෂයේ 20වන ජාතික කොංග්‍රසයේ සමාරම්භක  උත්සවය ආවරණය කිරීමට එක්වූහ.

ගුවන් විදුලිය
20240423අඟහරුවාදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම