ගෙවීගිය දශකයේ චීනයේ දැවැන්ත ප්‍රගතිය ජාත්‍යන්තර විද්වතුන්ගේ පැසසුමට
2022-10-16 15:29:12
Share with:

ඉකුත් දශකයේ චීනය ලබා ඇති දැවැන්ත ප්‍රගතීන් ජාත්‍යන්තර තලයේ පැසසුමට ලක්වෙයි.

ගෙවී ගිය වසර 10 තුළ, චීන කොමියුනිස්ට් පක්ෂයේ නායකත්වය යටතේ, චීනය ආර්ථිකය, විද්‍යා හා තාක්ෂණ මෙන්ම සමාජය අතින් දැවැන්ත ප්‍රගතියක් ලබාගනිමින්, ජාත්‍යන්තර තලයේ අතිශය වැදගත් බලවේගයක් වී ඇති බව විදෙස් වියතුන්ගේ අදහස වී තිබේ.

චීන මාධ්‍ය සමූහයේ සම්මුඛ සාකච්ඡාවකට එක්වෙමින් කියුබාවේ ජාත්‍යන්තර දේශපාලන පර්යේෂණ මධ්‍යස්ථානයේ විද්වතෙකු පැවසුවේ, වර්තමානයේ උද්ගතව ඇති දාමරිකවාදයටත් මානව සමාජයේ පවතින වෙනත් විශාල අභියෝගවලටත් මුහුණ දීමේදී,  දැවැන්ත රාජ්‍යයක් ලෙස මනා රාජ්‍යතාන්ත්‍රික ප්‍රතිපත්තීන් චීනය සතු බවයි.

කැනඩාවේ වාණිජ්‍ය විෂයය පිළිබඳ වියතෙකු පෙන්වාදෙන්නේ ඉකුත් දශකය තුළ, චීනයේ ව්‍යාපාරික පරිසරය සැලකිය යුතු අයුරෙන් වෙනස් වී ඇති බවයි. එසේම, වඩාත් උසස් පෙළේ සන්නාම හා අධිතාක්ෂණික ක්‍රමවේද චීනයේ ව්‍යාප්ත වී තිබේ. චීනයේ අපනයන නිපැයුම් සතු තරගකාරීත්වය මිලේ සිට, වටිනාකම හා ගුණාත්මකභාවය දක්වා පරිවර්තනය වෙමින් පවතින බව ද හෙතෙම කියාසිටී.



ගුවන් විදුලිය
20240425බ්‍රහස්පතින්දා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම