චීන කොමියුනිස්ට් පක්ෂයේ 20වන ජාතික කොංග්‍රසයේ විධායක මණ්ඩලයේ ප්‍රථම රැස්වීම පැවැත්වේ
2022-10-15 20:43:10
Share with:

චීන කොමියුනිස්ට් පක්ෂයේ 20වන ජාතික කොංග්‍රසයේ විධායක මණ්ඩලයේ ප්‍රථම රැස්වීම පැවැත්වෙයි. එය බෙයිජිං හි පිහිටි මහජන මහ ශාලාවේ අද(15) සවස පැවැත්විණ.

චීන කොමියුනිස්ට් පක්ෂයේ මධ්‍යම කාරක සභාවේ මහලේකම්, ජනාධිපති ෂී ජින් පිං මහතා‍ රැස්වීමට සහභාගි වෙමින් වැදගත් දේශනයක් පැවැත්වීය.

ෂී ජින් පිං මහතා ඇතුළු 46 දෙනෙකුගෙන් සමන්විත විධායක මණ්ඩල ස්ථාවර කමිටුවේ ලැයිස්තුව රැස්වීමේ දී සම්මත විය.

20 වැනි ජාතික කොංග්‍රසයේ න්‍යාය පත්‍රය ද විධායක මණ්ඩල රැස්වීමේදී සම්මත කෙරිණ. මෙම න්‍යාය පත්‍රයට අනුව, 20 වන ජාතික කොංග්‍රසය හෙට (16) උදෑසන ආරම්භ වන අතර, 22වැනිදා උදෑසන අවසන් වේ.

ගුවන් විදුලිය
20240425බ්‍රහස්පතින්දා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම