චීනයේ අනාගත සංවර්ධනය පිළිබඳව විදෙස් තානාපතිවරුන්ගෙන් සුබවාදී අපේක්ෂා
2022-10-15 14:52:18
Share with:

චීනයේ සිටින විදෙස් තානාපතිවරු චීනයේ අනාගත සංවර්ධනය කෙරෙහි අපේක්ෂාවන් පසුවෙති.

ඔක්තෝබර් 16 වැනිදා චීන කොමියුනිස්ට් පක්ෂයේ 20 වැනි ජාතික කොංග්‍රසය බෙයිජිං නුවරදී පැවැත්වීමට නියමිතය. මෙය, සමාජවාදී නවීකරණ රටක් පූර්ණ වශයෙන් ගොඩනැගීමේ නව ගමනකට පිවිස ඇති චීනය, තීරණාත්මක මොහොතක පවත්වන ඉතා වැදගත් සමුළුවකි. පාකිස්තානය, ලාඕසය සහ තායිලන්තය වැනි රටවල චීන තානාපතිවරුන් චීන කොමියුනිස්ට් පක්ෂයේ 20 වැනි ජාතික කොංග්‍රසය සහ චීනයේ අනාගත සංවර්ධනය පිළිබඳ අපේක්ෂා මාධ්‍ය හමු‍වේ ප්‍රකාශ කර තිබේ.

සංවර්ධනය වෙමින් පවතින රටවලට චීනයෙන් සංවර්ධන අත්දැකීම් උගත හැකි බව චීනයේ පාකිස්ථාන තානාපති Moin Ul Haque  මහතා පැවසීය.

මෙවර ජාතික කොංග්‍රසය, චීන ජනතාවගේ එක්සත් සාමූහික ප්‍රයත්නයන්ට තවදුරටත් ශක්තිය තිළිණ කරනු ඇතැයි, චීනයේ නේපාල තානාපති Bishnu Pukar Shrestha මහතා විශ්වාසය පළකළේය.

ගුවන් විදුලිය
20240424 බදාදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම