චීන කොමියුනිස්ට් පක්ෂයේ 20 වැනි ජාතික කොංග්‍රසය සඳහා සියලු කටයුතු සූදානම්
2022-10-15 17:18:34
Share with:

චීන කොමියුනිස්ට් පක්ෂයේ 20 වැනි ජාතික කොංග්‍රසය හෙට(16) සිට 22වැනිදා දක්වා බෙයිජිං අගනුවර දී පැවැත්වේ.

අද (15) පස්වරුවේ පැවති, චීන කොමියුනිස්ට් පක්ෂයේ 20වැනි ජාතික කොංග්‍රසය පිළිබඳ මාධ්‍ය හමුවේදී මේ බව ප්‍රකාශ කෙරිණ.

20 වැනි ජාතික කොංග්‍රසයේ සුදුසුකම් නිර්ණය කිරීමේ කමිටුව නියෝජිතයන් 2,296කගේ සුදුසුකම් තහවුරු කර ඇත. ඔවුන් ප්‍රාථමික මට්ටමේ පක්ෂ සංවිධානය මිලියන 4.9කට වඩා නියෝජනය කරන බව 20 වැනි ජාතික කොංග්‍රසයේ මාධ්‍ය ප්‍රකාශක Sun Yeli මහතා  ප්‍රකාශ කළේය.

චීන කොමියුනිස්ට් පක්ෂයේ 20 වැනි ජාතික කොංග්‍රසයට අදාළ සියලු කටයුතු මේ වන විට සම්පූර්ණයෙන් සූදානම් කර ඇතැයි ද හෙතෙම පැවසීය.

වසර 101ක් පැරණි චීන කොමියුනිස්ට් පක්ෂය චීන මහජන සමූහාණ්ඩුව පිහිටවූ දා සිට වසර 73ක් බාධාවකින් තොරව බලයේ සිටී. චීන කොමියුනිස්ට් පක්ෂයේ ජාතික කොංග්‍රසය සහ තේරී පත් වූ මධ්‍යම කාරක සභාව චීන කොමියුනිස්ට් පක්ෂයෙහි ඉහළම ප්‍රමුඛ ආයතන වේ. කොමියුනිස්ට් පක්ෂයේ ජාතික කොංග්‍රසය සෑම වසර පහකට වරක් පැවැත්වේ.

ජාතික කොංග්‍රසය අතරතුර, පක්ෂ නියෝජිතයන් විසින් පෙර පැවති චීන කොමියුනිස්ට් පක්ෂ මධ්‍යම කාරක සභාවේ වාර්තාව සහ විනය පරීක්ෂණ සඳහා වූ පක්ෂයේ මධ්‍යම කොමිසමේ කාර්ය වාර්තාව සමාලෝචනය කෙරෙන අතර, පක්ෂ ව්‍යවස්ථාව ද සංශෝධනය කරනු ඇත. එමෙන්ම, පක්ෂයේ ප්‍රධාන ගැටළු සාකච්ඡා කර තීරණවලට එළඹෙමින්, පක්ෂයේ නව මධ්‍යම කාරක සභාව මෙන් විනය පරීක්ෂණ සඳහා මධ්‍යම කොමිසමක් තෝරා පත් කර ගනු ඇත.


ගුවන් විදුලිය
20240419සිකුරාදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම