චීනය ලොව බලවත් රාජ්‍යයක් බවට පත් කළ චීන කොමියුනිස්ට් පක්ෂයේ 20 වන ජාතික කොංග්‍රසයට අගමැතිවරයා ගෙන් උණුසුම් සුබ පැතුම්
2022-10-15 13:58:33
Share with:

චීන කොමියුනිස්ට් පක්ෂයේ 20 වන ජාතික කොංග්‍රසයට උණුසුම් සුබ පැතුම් පිරිනමන බව ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා පවසයි. විශේෂ සුබ පැතුම් පණිවුඩයක් නිකුත් කරමින් හෙතෙම මේ බව පවසා ඇත.

ඓතිහාසික චීන මහා පා ගමන නම් නොනවතින ගංගාවේ උල්පත චීන කොමියුනිස්ට් පක්ෂයයි. එකී උල්පතින් පෝෂිතව, එම පක්ෂය සිය 20 වන ජාතික කොංග්‍රසය පැවැත්වීමට සූදානම්ව සිටී. දශක ගණනක් ඇවෑමෙන් වූ අතීතාවලෝකන පියසටහන් සනිටුහන් කරනුයේ දේශමාමක චීන ජනතාවගේ ලේ කදුළු දහදිය හා ජීවිත පරිත්‍යාගයෙන් චීන ජනතාව ලැබූ සදාතනික ප්‍රගතිය හා ජයග්‍රහණයන්‍ බව එම නිවේදනයේ සඳහන් කර ඇත.

චීන කොමියුනිස්ට් පක්ෂය මෙවර ජාතික කොංග්‍රසය පවත්වනුයේ සියවස් දෙකක ඉලක්කය සපුරා ගැනීමට ප්‍රවේශ වන මාවත අභිමුව සිටය. චීනය පෝෂිත කළ, ලොව බලවත් රාජ්‍යයක් බවට පත් කළ, චීන කොමියුනිස්ට් පක්ෂයේ විසිවන ජාතික කොංග්‍රසයට ආචාරය පුද කරන අග්‍රාමාත්‍යවරයා, චීන ශ්‍රී ලංකා සබඳතාවයේ සුවිශේෂී අංශයක් වන චීන මාධ්‍ය සමූහයේ සිංහල සේවය හරහා මෙම සුභ පැතුම් පණිවුඩය යොමු කර තිබේ.

ගුවන් විදුලිය
20241126අඟහරුවාදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම