"එක් තීරයක් එක් මාවතක්" පොදු සංවර්ධනය උදෙසා අඛණ්ඩව ඉදිරියට
2022-10-15 20:01:32
Share with:

"එක් තීරයක් එක් මාවතක්" වැඩපිළිවෙළෙන් නව ප්‍රතිඵල අත්කර ගැනීම උදෙසා චීනය අඛණ්ඩව කටයුතු කරයි.

චීන කොමියුනිස්ට් පක්ෂයේ 20 වැනි ජාතික කොංග්‍රසයේ මාධ්‍ය ප්‍රකාශක Sun Yeli මහතා අද(15) පැවති මාධ්‍ය හමුවේදී මේ බව පැවසීය.

චීනය පොදු සාකච්ඡාව, පොදු සංවර්ධනය සහ පොදු භාවිතය යන මූලධර්මය අඛණ්ඩව ක්‍රියාත්මක කරමින්, ඉහළ මට්ටමක සහයෝගිතාවක් සාක්ෂාත් කිරීමට උත්සාහ දරන බව ද හෙතෙම එහිදී සඳහන් කළේය.

"එක් තීරයක් එක් මාවතක්" ගොඩනැගීම මගින් පොදු සංවර්ධනය ප්‍රවර්ධනය සඳහා නව මාර්ගයක් ගවේෂණය කර ඇති අතර, අදාළ රටවල අන්‍යෝන්‍ය ප්‍රතිලාභ සහ පොදු ජයග්‍රහණ ඔස්සේ ගෝලීය ආර්ථික වර්ධනය සඳහා නව බලවේගයක් සපයා ඇති බව ද Sun Yeli මහතා පැවසීය.

ගුවන් විදුලිය
20240426සිකුරාදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම