චීන කොමියුනිස්ට් පක්ෂයේ 20 වැනි ජාතික කොංග්‍රසයේ පක්ෂ ව්‍යවස්ථා සංශෝධනය, එම පක්ෂයට අනුව වැඩකිරීමේදී ඇති නැවුම් අත්දැකීම සම්පූර්ණයෙන් පිළිබිඹු කරයි
2022-10-15 19:16:00
Share with:

චීන කොමියුනිස්ට් පක්ෂයේ 20 වැනි ජාතික කොංග්‍රසයේ දී පක්ෂ ව්‍යවස්ථාව සංශෝධනය කරන බව, කොංග්‍රස මාධ්‍ය ප්‍රකාශක Sun Yeli මහතා පවසයි. 20 වැනි ජාතික කොංග්‍රසය පිළිබඳව  අද(15) පස්වරුවේ බෙයිජිංහි පැවති  මාධ්‍ය හමුවේ දී හෙතෙම මේ බව පැවසීය.

පක්ෂයේ න්‍යායික නවෝත්පාදන සහ ප්‍රායෝගික සංවර්ධනයේ අවශ්‍යතා අනුව ජාතික කොංග්‍රසය, පක්ෂ ව්‍යවස්ථාව සංශෝධනය කිරීම චීන කොමියුනිස්ට් පක්ෂයේ සාමාන්‍ය සම්ප්‍රදාය බව ද හෙතෙම පැවසීය.

19 වැනි මධ්‍යම කාරක සභාවේ හත්වැනි පූර්ණ සැසියේදී සාකච්ඡා කර අනුමත කරන ලද පක්‍ෂ ව්‍යවස්ථා සංශෝධන, සියලු පාර්ශ්වවලින් අදහස් ලබාගෙන මුළු පක්‍ෂයේම ප්‍රඥාව එක්රැස් කර චීන කොමියුනිස්ට් පක්ෂයේ  20 වැනි ජාතික කොංග්‍රසයට ඉදිරිපත් කර ඇත.

ගුවන් විදුලිය
20241126අඟහරුවාදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම