ඇමරිකාව චීනය සමඟ තීරුබදු යුද්ධයෙන් පාඩම් උගත යුතුය
2022-10-13 20:42:45
Share with:

"චීනය මත තීරුබදු පැනවීම ආර්ථික හා දේශපාලනික වශයෙන් මෙන්ම නීත්‍යනුකූලව ද අසාර්ථක වී ඇතැයි " ඇමරිකාව සහ චීනය අතර වෙළඳ යුද්ධය බොහෝ අහිමිවීම්වලට හේතුවූ බව පිළිගනිමින් "කැපිටෝල් හිල්"පුවත්පත මෑතකදී ලිපියක් පළකළේය. ඇත්ත වශයෙන්ම, එය ආරම්භයේ සිටම පූර්ව නිගමනයක් වූ අතර,  වසර හතරකට වඩා වැඩි කාලයක් තිස්සේ ගොඩනැගුණු සාක්ෂි මගින් ද තහවුරු වී ඇත.

2018 මාර්තු මාසයේදී ට්‍රම්ප් පරිපාලනය ඊනියා වගන්තිය 301 විමර්ශනය මත පදනම්ව චීනය සමඟ වෙළඳ යුද්ධයක් ආරම්භ කළේය. එසේම, ඩොලර් බිලියන 360 ක් පමණ වටිනා චීන ආනයන සඳහා දැඩි තීරුබදු පනවා "වෙළඳ යුද්ධයකදී සටන් කිරීමට පහසු සහ ජයග්‍රහණය කිරීමට පහසු" බව ද ප්‍රකාශ කළේය. 2021 ජනවාරි මාසයේදී බයිඩන් පරිපාලනය බලයට පත් වූ පසු, එය චීනය කෙරෙහි පෙර පැවති පරිපාලනයේ තීරුබදු ප්‍රතිපත්තිය දිගටම පවත්වාගෙන ගියේය. නමුත් වසර හතරකට වැඩි කාලයක් පැවති තීරු බදු සංග්‍රාමය "පයට වෙඩි තබා ගැනීමක්" බව පැහැදිලි වී ඇති අතර,  එය ඉතා දරුණු ලෙස රිදවීම් ඉතිරි කර ඇත.

ඇමරිකානු වාණිජ දෙපාර්තමේන්තුවට අනුව, චීනය සමඟ භාණ්ඩවල එරට වෙළඳ හිඟය 2021 දී ඩොලර් බිලියන 355.3 දක්වා සියයට 14.5 කින් වැඩි විය. එය 2018 සිට ඉහළම අගයයි. වෙනත් අධ්‍යයනයන්ට අනුව, චීනය සමඟ ඇති වෙළඳ යුද්ධය හේතුවෙන් වෙළඳපළ වටිනාකමෙන් ඇමරිකානු ඩොලර් ට්‍රිලියන 1.7 ක් සහ වාර්ෂික ගෘහ වියදම් සඳහා ඇමරිකානු ඩොලර් 1,300 කට ආසන්න මුදලක් වැය වී තිබේ. රැකියා 250,000 කට ආසන්න ප්‍රමාණයක් ද අහිමි වී ඇත.

පසුගිය වසර හතරකට වැඩි කාලයක් තුළ, චීනය ස්ථාපිත වේගයට අනුකූලව සංවර්ධනය වී ඇති අතර, දේශීය චක්‍රය ප්‍රධාන ශරීරය ලෙස ගෙන, දේශීය හා ජාත්‍යන්තර චක්‍රයන් ශක්තිමත් කරමින් නව සංවර්ධන රටාවක් ගොඩනැගීමට වෙහෙස දරමින් සිටී. අරගලයේ දී චීනය සිය ජාතික අභිමානය සහ මූලික අවශ්‍යතා ආරක්ෂා කරගෙන ඇති අතර, සංවර්ධනයේ සහ ආරක්ෂාවේ මුලපිරීම් තදින් ග්‍රහණය කර තිබේ.

චීනයට එරෙහි තීරුබදු යුද්ධයෙන් ඇමරිකාව පරාජය වීමේ පාඩම ඉතා ගැඹුරු බවට සැකයක් නැත. නමුත් පාඩම් ඉගෙන ගන්නේ කෙසේද යන්න වොෂින්ටනයේ දේශපාලකයන්ගේ ප්‍රඥාව පරීක්ෂා කරයි.

ඇමරිකාව තම අසාර්ථකත්වයෙන් පාඩම් ඉගෙන, වැරදි නිවැරදි කර ගනිමින්, ඒවා නරක අතට හැරීමට ඉඩ නොතබනු ඇතැයි චීනය බලාපොරොත්තු වෙයි. සහයෝගිතාවයෙන් යුතු, ජයග්‍රාහී අනාගතයකට මඟ පෑදිය හැක්කේ දොර විවෘත කිරීමෙන් පමණක් බව ඉතිහාසයෙන් සනාථ වී ඇත. එය අනාගතයේ ද එලෙසම සිදුවනු ඇත.

ගුවන් විදුලිය
20240424 බදාදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම