දෙවන චීන යුරෝපා දේශගුණික සහයෝගතා සාකච්ඡාවේදී බහුපාර්ශ්වික දේශගුණික ක්‍රියාදාමයන්හි නිරතවීම අවධාරණය කෙරේ
2022-10-13 12:18:15
Share with:

දෙවන චීන යුරෝපා දේශගුණික සහයෝගතා සාකච්ඡාව පැවැත්වේ.

මාර්ගගත ලෙස ඊයේ(12) පැවති එම සාකච්ඡාවට එක් වූ චීන හා යුරෝපීය නියෝජිතයෝ, දෙපාර්ශ්වයේ හරිත ආර්ථික ප්‍රතිසංස්කරණය හා දේශගුණික සහයෝගතාව සම්බන්ධයෙන් සාකච්ඡා පැවැත්වූහ.

චීනය හා යුරෝපය අදාළ බහුපාර්ශ්වික දේශගුණික ක්‍රියාදාමයන්හි සක්‍රීය මෙහෙයවන්නන් බව දේශගුණ විපර්යාසයන්ට මුහුණ දීම පිළිබඳ චීන ජෛව පරිසර අමාත්‍යංශයේ දේශගුණික නිරීක්ෂක සුන් චෙන් මහතා එහිදී කියා සිටියේය. පැරිස් ගිවිසුම සම්පූර්ණ, සමබර හා ඵලදායි ලෙස ක්‍රියාත්මක කිරීමේදී යුරෝපය ප්‍රමුඛ කාර්යභාරයක් ඉටු කළ යුතුය. මේ අතර ඒකපාර්ශ්වවාදයේ, ආරක්ෂණවාදයේ මෙන්ම හරිත බාධාවන් හී නිරත නොවිය යුතුය. අඩු කාබන් ප්‍රතිසංස්කරණය සඳහා දුන් පොරොන්දු ඉටු කිරීමට චීනය යුරෝපය සමග එක්ව වෑයම් දැරීමට කැමති බව ද ඔහු ප්‍රකාශ කළේය.

දේශගුණික විපර්යාස ගැටළු සම්බන්ධයෙන් බහුපාර්ශ්වවාදය හා ‍සහයෝගතාව එකම තෝරා ගැනීම බව දේශගුණික විපර්යාසය පිළිබඳ එක්සත් ජාතීන්ගේ නියෝජ්‍ය විධායක ලේකම් Ovais Sarmad මහතා එම අවස්ථාවේදී පෙන්වා දුන්නේය. නොබෝ කළකින් පැවැත්වීමට නියමිත ‘දේශගුණික විපර්යාසය පිළිබඳ එක්සත් ජාතීන්ගේ රාමු ගිවිසුමේ’ සාමාජිකයින්ගේ 27වන සම්මේලනය, වර්තමාන ගැටළු සඳහා නිර්මාණශීලිත්වයෙන් යුතු විසඳුම් සොයා දීමට පියවර ගත යුතුව ඇති බව ද ඔහු අවධාරණය කර ඇත. 

ගුවන් විදුලිය
20240419සිකුරාදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම