චීන කොමියුනිස්ට් පක්ෂයේ 20වන ජාතික කොංග්‍රසයේ වාර්තාවේ කෙටුම්පත ‍‍‍සම්බන්ධයෙන් චීන කොමියුනිස්ට් පක්ෂ නොවන නියෝජිතයින්ගේ අදහස් විමසා බැලේ
2022-10-13 14:09:28
Share with:

චීන කොමියුනිස්ට් පක්ෂයේ 20වන ජාතික කොංග්‍රසයේ වාර්තාවේ කෙටුම්පත ‍‍‍සම්බන්ධයෙන් චීන කොමියුනිස්ට් පක්ෂ නොවන නියෝජිතයින්ගේ අදහස් විමසීමේ රැස්වීම, චීන කොමියුනිස්ට් පක්ෂයේ මධ්‍යම කාරක සභාවේ ප්‍රධානත්වයෙන් පැවැත්විණ. 

ජනාධිපති ෂී ජින්පිං මහතා මුලසුන දැරූ එම රැස්වීමට චීනයේ විවිධ ප්‍රජාතන්ත්‍රවාදී පක්ෂ මධ්‍යම කාරක සභාවල, සමස්ත චීන කාර්මික හා වාණිජ පෙඩරාල් සංගමයේ හා නිර්පක්ෂවල නියෝජිතවරු සහභාගි වූහ.

නව යුගයේදී, නව අවශ්‍යතාවන්ට මුහුණ පාමින් නව ගමනක් ආරම්භ කර ඇති චීන කොමියුනිස්ට් පක්ෂය හා විවිධ ප්‍රජාතන්ත්‍රවාදී පක්ෂ, සහයෝගය ශක්තිමත් කර පුළුල්ම දේශප්‍රේමී පෙරමුණක් තහවුරු කරමින් විවිධ තරාතිරම්හි විවිධ පැතිවල බුද්ධිය හා ශක්තිය එක්රැස් කිරීමට යොමුවිය යුතු බව ෂී ජින්පිං මහතා එහිදී අවධාරණය කළේය. ‍එමෙන්ම ඔවුන් එක්ව සමස්ත සමාජයේත් සියළු ජන වාර්ගිකයින්ගේත් සක්‍රීය බව, උනන්දුව හා නිර්මාණශීලිත්වය විදහා පාමින් නවීකරණ සමාජවාදී රටක් සම්පූර්ණ ලෙස ගොඩනැගීමටත් චීන ජාතිකයින්ගේ ශ්‍රේෂ්ඨ පුනර්ජීවනයටත් වෑයම් දැරිය යුතු බව ද ඔහු එහිදී පෙන්වා දී තිබේ. 

චීන Kuomintang පක්ෂයේ විප්ලවීය කමිටු සභාපති වන් අ-ශ්‍යන් මහතා, චීන ප්‍රජාතන්ත්‍රවාදී ලීගයේ මධ්‍යම කාරක සභාවේ ස්ථාවර නියෝජ්‍ය සභාපති චෙන් ෂියඕගුවන් මහතා, නිර්පක්ෂ නියෝජිත ගාඕ හොන්ජුන් මහතා ඇතුළු නියෝජිත නියෝජිතවරියන් එහිදී පිළිවෙළින් සිය අදහස් දක්වා ඇත.

ගුවන් විදුලිය
20240424 බදාදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම