චීනයෙන් මීටර 5ක විභේදනයෙන් යුත් චන්ද්‍රිකාවක්
2022-10-13 09:52:13
Share with:

චීනය මීටර 5ක විභේදනයෙන් යුත්  S-SAR01 චන්ද්‍රිකාව සාර්ථක ව අභ්‍යවකාශගත කරයි.

චීනයේ Taiyuan චන්ද්‍රිකා නිකුත් කිරීමේ මධ්‍යස්ථානයෙන් අද (13) උදෑසන 6.53ට Long March-2C ප්‍රවාහක රොකට්ටුව මගින් එම චන්ද්‍රිකාව සාර්ථක ව ගුවන්ගත කෙරිණ. එය, Long March ප්‍රවාහක රොකට්ටු මාලාවේ 443වැනි මෙහෙයුම ය.

මීටර 5 ක විභේදනයෙන් යුත් එස්-බෑන්ඩ් රේඩාර් රූප දත්ත ලබා ගැනීමෙන්, S-SAR01 චන්ද්‍රිකාව ආපදා කළමනාකරණය සහ ජෛව පරිසර ආරක්ෂාව සඳහා සහාය වනු ඇත. එය ස්වභාවික සම්පත්,

වාරිමාර්ග, කෘෂිකර්මාන්ත, වන වගා, භූමිකම්පා ඇතුළු ක්ෂේත්‍ර සඳහා ද සේවය ලබාදෙනු ඇත.

 

ගුවන් විදුලිය
20240424 බදාදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම