තම රටේ සංවර්ධනය කිසිසේත් ලොවට තර්ජනයක් හෝ අභියෝගයක් නොවේ - චීනය
2022-10-12 17:16:22
Share with:

තම රටේ සංවර්ධනය කිසිසේත් ලොවට තර්ජනයක් හෝ අභියෝගයක් නොවන බව චීනය කියාසිටී.

චීන විදේශ අමාත්‍යංශ ප්‍රකාශිකා මාඕ නිං මහත්මිය අද (12) " බ්‍රිතාන්‍ය නව රජය චීනය තර්ජනයක් ලෙස හැඳින්වීම" පිළිබඳ ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් මේ බව පැවසුවාය.‍ සැමවිටම ස්වාධීනත්වය හා ස්වාධිපත්‍යය ගරුකරමින්, සාමකාමී රාජ්‍යතාන්ත්‍රික ප්‍රතිපත්ති අනුගමනය කරන චීනයේ සංවර්ධනය බොහෝ රටවලට උදාකර දුන්නේ අවස්ථාවන් මිස තර්ජන හෝ අභියෝග නොවන බව ඇය සඳහන් කළාය.

චීනය සමඟ වාද කර ගැටුම් ඇතිකර ගැනීමෙන් බ්‍රිතාන්‍යයට සිය ප්‍රශ්න විසඳාගත නොහැකි බවද මාඕ නිං මහත්මිය පෙන්වා දුන්නාය.

ගුවන් විදුලිය
20240422සඳුදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම