‘ අභ්‍යවකාශ පන්තියේ ’ තුන්වැනි පාඩම සාර්ථකයි
2022-10-12 19:11:19
Share with:
‘ Tiangong අභ්‍යවකාශ පන්තියේ ’ තුන්වැනි පාඩම ඇරඹේ. මෙය අද(12) පස්වරුවේ චීන අභ්‍යවකාශ මධ්‍යස්ථානයේ දී ආරම්භ කෙරිණ.
Shenzhou 14 අභ්‍යවකාශ යානයේ කාර්ය මණ්ඩලයේ Chendong සහ Cai Xuzhe යන ගගනගාමීන් හා Liuyang ගගනගාමිනිය එම පාඩම ඉගැන්වූහ. චීන ගගනගාමීන් චීන අභ්‍යවකාශ මධ්‍යස්ථානයට අනුබද්ධ Wentian මොඩියුලයේ දී කළ ප්‍රථම පාඩම මෙයයි.
මෙම පාඩම අඛණ්ඩව පෘථිවියේ රැඳීසිටින්නන් හා අන්තර්ක්‍රියාවක් ලෙසින් සිදුකර තිබේ. Wentian මොඩියුල පරිශ්‍රය ප්‍රදර්ශනය කිරීම, ජලය පානය කිරීමේ අත්දැකීම් මෙන්ම අභ්‍යවකාශයේ ශාක වර්ධන ව්‍යාපෘතිය පිළිබඳව පුළුල්ව විග්‍රහ කිරීම ද මෙහිදී සිදුවිය.