එක්සත් ජාතීන්ගේ සංවිධානය හා අප්‍රිකානු සංගමය අතර සහයෝගිතා තවදුරටත් තරකර ගැනීමට චීනයේ සහය
2022-10-12 16:20:27
Share with:

එක්සත් ජාතීන්ගේ සංවිධානය හා අප්‍රිකානු සංගමය අතර සහයෝගිතා මට්ටම තවදුරටත් ඉහළට නංවා ගැනීමට සහය දෙන බව චීනය කියයි.

එක්සත් ජාතීන්ගේ චීන උප ස්ථාවර නියෝජිත Daibing මහතා, ජගත් සංවිධානය හා අප්‍රිකානු සංගමය අතර සහයෝගය පිළිබඳව ආරක්ෂක මණ්ඩලයේ ඊයේ(11) පැවති විවෘත සැසියේදී මේ බව පැවසීය. අප්‍රිකාවේ සාමකාමී වර්ධනය වෙනුවෙන් එක්සත් ජාතීන්ගේ සංවිධානය හා අප්‍රිකානු සංගමයේ සහයෝගිතාව තවදුරටත් තරකර ගැනීමට සහය දෙන බව හෙතෙම කියාසිටියේය. 

මේ යටතේ, අප්‍රිකානු කලාපයේ සාමය හා ආරක්ෂාව තහවුරු කිරීම, අප්‍රිකාවේ හැකියා වර්ධනය කිරීම මෙන්ම තිරසර සංවර්ධනය හා ජාත්‍යන්තර පරිපාලන ප්‍රතිසංස්කරණ ප්‍රවර්ධනය කිරීම ඇතුළු ක්ෂේත්‍රවල සහයෝගිතා ශක්තිමත් කිරීමට චීනය සහය ලබාදෙනු ඇත.

අප්‍රිකාවේ දිගුකාලීන අර්බුද උග්‍රවෙමින් පවතී. ත්‍රස්තවාදී ක්‍රියාකාරකම්, නීතිවිරෝධී  අවි ජාවාරම, මුහුදු ආරක්ෂාව, මහජන සෞඛ්‍යය ඇතුළු අභියෝගවලට එරෙහිව එක්සත් ජාතීන් සංවිධානය, අප්‍රිකානු සංගමය හා කලාපීය රටවල් ඒකාබද්ධව ප්‍රතිචාර දැක්විය යුතු ය.

ජාත්‍යන්තර තත්ත්වය කුමන ආකාරයකින් වෙනස් වුවද, සදාකාලිකව අප්‍රිකානු රටවල් හා එක්සත් ජාතීන්ගේ සංවිධානය සමග රැඳීසිටිමින්, කලාපීය සාමය හා පොදු සංවර්ධනය ඉටුකිරීමට ඉහළ දායකත්වයක් චීනය ලබාදෙන බව Daibing මහතා මෙහිදී අවධාරණය කළේය.

ගුවන් විදුලිය
20240426සිකුරාදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම