චීන කොමියුනිස්ට් පක්ෂයේ 20වැනි ජාතික කොංග්‍රසයේ මාධ්‍ය මධ්‍යස්ථානය විවෘත වේ
2022-10-12 16:41:58
Share with:

චීන කොමියුනිස්ට් පක්ෂයේ 20වැනි ජාතික කොංග්‍රසයේ මාධ්‍ය මධ්‍යස්ථානය විවෘත කෙරේ.

එම මධ්‍යස්ථානය අද(12) නිල වශයෙන් විවෘත කෙරිණ. චීන කොමියුනිස්ට් පක්ෂයේ 20වැනි ජාතික කොංග්‍රසයේ වාර්තාකරණ කටයුතු සඳහා චීනයෙන් මෙන්ම විදේශයන්ගෙන් පැමිණෙන මාධ්‍යවේදීන්ට එම මාධ්‍ය මධ්‍යස්ථානය සේවා සපයා දෙයි.

වසංගතය වැළැක්වීමේ පියවරවලට අනුකූලව, මාර්ගගත හා මාර්ගගත නොවන සම්මුඛ සාකච්ඡා, ලිඛිත සම්මුඛ සාකච්ඡා යනාදී විවිධ ආකාරවලින් දෙස් විදෙස් මාධ්‍යවේදීන්ට ඉහළ පහසුකම් හා වාර්තාකරණ සේවා මෙහිදී සැපයෙනු ඇත.

මාධ්‍ය මධ්‍යස්ථානය යටතේ නිල වෙබ් අඩවිය සහ අදාළ වෙනත් වේදිකා ද ක්‍රියාත්මකයි. මාධ්‍ය මධ්‍යස්ථානයේ සේවා සහ විධිවිධාන පිළිබඳව එමගින් දැනුවත් විය හැකිය.

ගුවන් විදුලිය
20240425බ්‍රහස්පතින්දා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම