"චීනය සමඟ ව්‍යාපාර කිරීම" රටවල් බොහොමයක ව්‍යවසායකයන්ගේ මුල් තේරීමකි
2022-10-12 20:49:10
Share with:

"චීනය සමඟ ව්‍යාපාර කිරීම"  රටවල් වැඩි සංඛ්‍යාවක ව්‍යවසායකයන්ගේ තේරීම බවට පත්වෙයි.

පසුගියදා බර්ලිනයේ පැවති යාන්ත්‍රික ඉංජිනේරු සමුළුවේදී චීනය සමඟ වෙළඳාම් පවත්වාගෙන යාම උණුසුම් මාතෘකාවක් විය. ජර්මානු චාන්සලර් Scholz මහතා නැවත වරක් ගෝලීයකරණය සඳහා තමාගේ සහයෝගය පැහැදිලි කරමින්, "විසංයෝජනය" සම්පූර්ණයෙන්ම වැරදි විසඳුමක් බව පෙන්වාදුන් අතර, චීනය ඇතුළු බොහෝ රටවල් සමඟ "ව්‍යාපාර කිරීමේ" අවශ්‍යතාවය අවධාරණය කළේය. යුරෝපා සංගම් වෙළඳ කොමසාරිස්වරයා ඍජුව පැවසුවේ, වැදගත් වර්ධන වෙළඳපොළක් සහ සැපයුම් ප්‍රභවයක් වන චීනයෙන් 'විසංයෝජනය' වීම යුරෝපා සංගම් සමාගම් සඳහා විකල්පයක් නොවන බවයි.

සමහර රටවල් "විසංයෝජනය" වෙනුවෙන් පෙනීසිටින පසුබිමක සහ ලෝක අවපාතයක් වර්ධනය වීමේ අවදානමට එරෙහිව, මෙම කරුණු දැක්වීම විමසා බැලීම වටී. "චීනය සමඟ ව්‍යාපාර කිරීම"  රටවල් විශාල ප්‍රමාණයක ව්‍යවසායකයන්ගේ තේරීම බවට පත්ව ඇති බව මේ අදහස් තුළින් පැහැදිලි වේ. "ලෝක වෙළඳපොළක්" සහ "ලෝක කර්මාන්ත ශාලාවක්" වශයෙන් චීනයේ තත්ත්වය ඉතා වැදගත් තලයක පවතී.

යුවාන් ට්‍රිලියන 114 ක ආර්ථිකයක් සහ බිලියන 1.4 කට වැඩි පාරිභෝගිකයන් සිටින චීනය ලොව දෙවන විශාලතම භාණ්ඩ වෙළඳපොළ බවට පත්ව තිබේ. මෙය චීන ජනතාවගේ ජීවිත වැඩිදියුණු කිරීම පමණක් නොව, සෙසු ලෝකය සඳහා වැඩි සංවර්ධන අවස්ථා ද ලබා දී තිබේ. ගෝලීය සැපයුමේ වැදගත් මූලාශ්‍රයක් ලෙස චීනයේ ආස්ථානය ප්‍රතිස්ථාපනය කළ නොහැක. එක්සත් ජාතීන්ගේ කාර්මික වර්ගීකරණයේ සියලුම අංග සහිත ලොව එකම රට චීනය යි. ප්‍රධාන කාර්මික නිෂ්පාදන 500ක් අතරින් සියයට 40කට වැඩි ප්‍රමාණයක නිෂ්පාදනය කරන චීනය එම ක්ෂේත්‍රයෙන් ලොව ප්‍රථම ස්ථානයට පත්ව සිටී.

චීනයේ ම සංවර්ධන අපේක්ෂාවන් නිශ්චිතය. ප්‍රතිසංස්කරණය කිරීමට සහ විවෘත භාවය පිළිබඳ එහි අධිෂ්ඨානය නිසැක ය. අනෙකුත් රටවල් සමඟ ආර්ථික හා වෙළෙඳ සහයෝගිතාව තවදුරටත් ශක්තිමත් කිරීමේ ආකල්පය ද ස්ථිර වේ. ජයග්‍රාහී සහයෝගිතාවයේ ආත්මය ලොවට තිළිණ කරන චීනය, ලෝක ආර්ථික ප්‍රකෘතිය සඳහා නිරන්තරයෙන් "චීන ගාමක බලවේගය" ද සපයනු ඇති.

ගුවන් විදුලිය
20240426සිකුරාදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම