ෂී ජින් පිං - චීන පාලනය යන ග්‍රන්ථයේ පළමු වෙළුමේ අයිස්ලන්ත සංස්කරණය එළිදැක්වේ
2022-10-12 15:02:59
Share with:

ෂී ජින් පිං - චීන පාලනය යන ග්‍රන්ථයේ පළමු වෙළුමේ අයිස්ලන්ත සංස්කරණය එළිදැක්වීමේ උත්සවය ඊයේ (11) අයිස්ලන්තයේ අගනුවර වන Reykjavik හි Harpa සම්මන්ත්‍රණ මධ්‍යස්ථානයේදී පැවැත්විණ.

උත්සවයේදී, අයිස්ලන්තයේ චීන තානාපති He Rulong මහතා සහ අයිස්ලන්ත ආරාධිතයන් එක්ව ෂී ජින් පිං - චීන පාලනය යන ග්‍රන්ථයේ පළමු වෙළුමේ අයිස්ලන්ත සංස්කරණය එළිදක්වන ලදි. තානාපති He Rulong මහතා විසින් නව ග්‍රන්ථය අයිස්ලන්ත අමුත්තන් වෙත පිළිගන්වනු ලැබීය.

ෂී ජින් පිං - චීන පාලනය යන ග්‍රන්ථයේ පළමු වෙළුමේ අයිස්ලන්ත සංස්කරණය චීන විදේශ භාෂා ප්‍රකාශන ආයතනය සහ අයිස්ලන්තයේ ප්‍රකාශන සමාගමක් එක්ව පරිවර්තනය කර ප්‍රකාශයට පත් කර තිබේ. මේ වන විට, ෂී ජින් පිං - චීන පාලනය යන ග්‍රන්ථයේ පළමු වෙළුම භාෂා 37 කින් පරිවර්තනය කර ප්‍රකාශයට පත් කර ඇත.

ගුවන් විදුලිය
20240425බ්‍රහස්පතින්දා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම