ඉකුත් දශකයේ චීනයේ නාගරික රැකියා නියුක්තියේ පුළුල් වර්ධනයක්
2022-10-11 14:16:12
Share with:

ගෙවී ගිය දශකයේ චීනයේ නාගරික ප්‍රදේශවල රැකියා නියුක්තිකයන්ගේ සංඛ්‍යාව 9කෝටි 48 ලක්ෂ 60 දහසකින් වැඩිවෙයි. වසර 2021 දී එම සංඛ්‍යාව 46 කෝටි 77ලක්ෂ 30 දහසක්ව පැවති බව චීන ජාතික සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව ඊයේ(10) නිකුත් කළ වාර්තාවේ දැක්වේ.

වසර 2012 සිට 2021 දක්වා, රටේ ගැමි කම්කරුවන්ගේ සංඛ්‍යාව 26කෝටි 26ලක්ෂ 10 දහසක සිට 29කෝටි 25ලක්ෂ 10ක් දක්වා වැඩි විය. විරැකියාව හේතුවෙන් අසීරුතාවන්ට මුහුණ දුන් පිරිසට ලබාදුන් වෘත්තීයමය ආධාර පුළුල් කර ඇත. වසර 2012 සිට වාර්ෂිකව විරැකියාවෙන් පෙළුණු මිලියන 5.5ක පිරිස මේ වනවිට රැකියා නියුක්තව සිටීම ද කැපීපෙනේ. 

මේ අතර චීනයේ පළමු, දෙවන හා තුන්වන කර්මාන්තවල නියුක්තිකයන්ගේ සංඛ්‍යාව පිළිවෙලින් 17කෝටි 7ලක්ෂ 20 දහසක්, 21කෝටි 71ලක්ෂ 20දහසක් හා 35කෝටි 86ලක්ෂ 80දහසකි. ඒ අනුව පළමු හා දෙවන කර්මාන්තවල සේවා නියුක්ත සංඛ්‍යාව සමස්ත සංඛ්‍යාවෙන් ගන්නා අනුපාතය වසර 2012ට වඩා පිළිවෙළින් සියයට 10.6 හා 1.3ක අඩුවීමක් පෙන්නුම් කළ අතර, තුන්වන කර්මාන්ත අනුපාතය සියයට 11.9කින් වැඩිවීම විශේෂත්වයකි.

ගුවන් විදුලිය
20240423අඟහරුවාදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම