චීන ගගනගාමීන් තිදෙනෙකු මෙහෙයවන “අභ්‍යවකාශ පන්තියේ” තුන්වන පාඩම හෙට(12)
2022-10-11 15:50:59
Share with:

චීන ගගනගාමීන් තිදෙනෙකු මෙහෙයවන “අභ්‍යවකාශ පන්තියේ” ;තුන්වන පාඩම හෙට(12) චීන අභ්‍යවකාශ මධ්‍යස්ථානයේදී පැවැත්වේ. චීනයේ මිනිසුන් සහිත අභ්‍යවකාශ ඉංජිනේරු කාර්යාලය මේ බව නිවේදනය කළේය.

Chen Dong, Liu Yang සහ Cai Xuzhe යන ගගනගාමීන් තිදෙනා මෙම ඉගැන්වීමේ ක්‍රියාකාරකම පෘථිවිය සහ අභ්‍යවකාශ මධ්‍යස්ථානය අතර අන්තර්ක්‍රියා ආකාරයෙන්  සිදුකරනු ඇත.

ගගනගාමීන් තිදෙනා, චීන අභ්‍යවකාශ මධ්‍යස්ථානයේ WenTian පර්යේෂණාත්මක මොඩියුලයේ කාර්යයන්, ජීවමාන දර්ශන ඇසුරින් මෙහිදී හඳුන්වාදීමට නියමිතයි. එසේම ඔවුන් එහිදී ක්ෂුද්‍ර ගුරුත්වාකර්ෂණය පිළිබඳ විද්‍යාත්මක පර්යේෂණ මෙන්ම, ශාක වර්ධන පර්යේෂණ ව්‍යාපෘතිය ද ප්‍රදර්ශනය කරමින් විග්‍රහ කරනු ඇත.

ගගනගාමීන් තිදෙනෙකු මෙලෙස පෘථිවිය සමඟ කරන අන්තර්ක්‍රියා මගින්, මිනිසුන් සහිත අභ්‍යවකාශ තරණය පිළිබඳ දැනුම ව්‍යාප්ත කෙරෙන අතර, තරුණ තරුණියන්ගේ විද්‍යාව පිළිබඳ උනන්දුව ද උත්තේජනය කරනු ඇත.

 “අභ්‍යවකාශ පන්තිය” මිට පෙර දෙවරක් සාර්ථක ව පැවැත්වුණු අතර ඊට  සමාජයෙන් ඉහළ ප්‍රතිචාර හිමිවිය.

ගුවන් විදුලිය
20240426සිකුරාදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම