චීනයේ විද්‍යාත්මක හා තාක්‍ෂණික ප්‍රගතිය කිසිදු සීමාවකින් හෝ මර්දනයකින් නතර නොවන බව චීනය කියයි
2022-10-11 19:39:07
Share with:

කිසිදු සීමාවකට හෝ  මර්දනයකට නතුව, තම රටේ විද්‍යාත්මක හා තාක්‍ෂණික ප්‍රගතිය නතර නොකරන බව චීනය පවසයි.

කලක සිට, ඇමරිකාව ඇතුළු සමහර බටහිර රටවල් විසංයෝජනය වෙනුවෙන් පෙනී සිටින අතර, චීනයේ විද්‍යාත්මක හා තාක්‍ෂණික සංවර්ධනය අඩාල වනු ඇතැයි යන කනස්සල්ල මතු වී තිබේ.

චීනයේ විද්‍යාත්මක හා තාක්‍ෂණික ප්‍රගතිය කිසිදු සීමාවකින් හෝ මර්දනයකින් නතර නොවනු ඇතැයි චීන විදේශ අමාත්‍යාංශ ප්‍රකාශිකා මාඕ නිං මහත්මිය අද (11) පැවති නිත්‍ය මාධ්‍ය හමුවේදී පැවසුවේ, එම අදහසට  ප්‍රතිචාර දක්වමිනි.

විද්‍යාත්මක හා තාක්‍ෂණික නවෝත්පාදනයට විශාල වැදගත්කමක් ලබා දෙන චීන රජය, සංවර්ධනය සඳහා මූලික ගාමක බලවේගය ලෙස නවෝත්පාදනය සලකා, ජාතික සංවර්ධනය සඳහා උපායමාර්ගික සහාය ලෙස විද්‍යාත්මක හා තාක්‍ෂණික ස්වයං-විශ්වාසය සලකන බව  මාඕ නිං මහත්මිය පෙන්වා දුන්නාය .

ගුවන් විදුලිය
20240417බදාදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම