චීනයට අදාළ අපනයන සීමා ඉහළ නැංවීමේ ඇමරිකානු ක්‍රියාවට චීනයේ විරෝධය
2022-10-11 10:33:30
Share with:

අර්ධ සන්නායක ඇතුළු ක්ෂේත්‍ර සඳහා චීනයේ අපනයන සීමා මට්ටම ඉහළ නංවමින්, සිය ‘පරීක්ෂා නොකෙරෙන සමාගම්වල ලැයිස්තුව’ට තවත් චීන සමාගම් එක්කිරීම පිළිබඳ ඇමරිකාවේ ක්‍රියාමාර්ගයට එරෙහිව චීනය ප්‍රතිචාර දක්වයි.

චීන වාණිජ අමාත්‍යංශයේ ප්‍රකාශකයෙක් ඊයේ(10) පැවති මාධ්‍ය හමුවකදී මේ පිළිබඳව කරුණු දැක්වීය. දෙපාර්ශ්වය පොදුවේ ගත් උත්සාහයක් යටතේ,  ඇමරිකාව විසින් චීන සමාගම් 9ක් එම පරීක්ෂා නොකෙරෙන සමාගම්වල ලැයිස්තුවෙන් ඉවත් කර තිබිණ. එය දෙරටේ සමාගම්වල පිළිගැනීමට ද ලක්විය. එහෙත් ඉන් අනතුරුව ඇමරිකාව චීන සමාගම් 31ක් එම ලැයිස්තුවට එක්කරමින්, අර්ධ සන්නායක ඇතුළු ක්ෂේත්‍ර සඳහා චීනයේ අපනයන සීමා මට්ටම ඉහළ නංවා ඇත. මෙය ඇමරිකාවට සුපුරුදු තාක්‍ෂණික දාමරික ක්‍රියාවක් වන අතර, ඉන් චීන සහ ඇමරිකානු සමාගම් අතර සාමාන්‍ය ආර්ථික හා වෙළඳ හුවමාරුවලට බරපතල ලෙස බාධා එල්ලවන බව චීන වාණිජ අමාත්‍යංශ ප්‍රකාශකයා පෙන්වා දුන්නේය.

එසේම, මෙමගින් වෙළඳපොළ රෙගුලාසි සහ ජාත්‍යන්තර ආර්ථික හා වෙළඳ පටිපාටිය බරපතල ලෙස විනාශ වන අතර,  ගෝලීය කාර්මික දාමයේ සහ සැපයුම් දාමයේ ස්ථාවරත්වයට ද බරපතල තර්ජනයක් එල්ල වේ.  චීනය ඊට දැඩිව විරෝධය පළ කරන බව වාණිජ අමාත්‍යංශ ප්‍රකාශකයා අවධාරණය කළේය.

ගුවන් විදුලිය
20240424 බදාදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම