ක්‍රිමියාවේ පාලම් බෝම්බ ප්‍රහාරය "ත්‍රස්තවාදී ප්‍රහාරයක්" බව රුසියාව කියයි
2022-10-10 09:50:14
Share with:

ක්‍රිමියාවේ පාලම් බෝම්බ ප්‍රහාරය යුක්රේන රහස් සේවා විසින් සැලසුම් කරන ලද "ත්‍රස්තවාදී ප්‍රහාරයක්"  බව රුසියාව පවසයි. රුසියානු විමර්ශන කමිටුවේ ප්‍රධානි Alexander Bastrykin මහතා ඊයේ (9), එම බෝම්බ ප්‍රහාරය පිළිබඳ විමර්ශනය සම්බන්ධයෙන් රුසියානු ජනාධිපති ව්ලැඩිමිර් පුටින් මහතා වෙත වාර්තා කරමින් මේ බව පැවසීය.

ක්‍රිමියාවේ පාලමට බෝම්බ හෙලීම රුසියාවේ වැදගත් සිවිල් යටිතල පහසුකම් විනාශ කිරීම ඉලක්ක කරගත් “ත්‍රස්තවාදී ක්‍රියාවක්” බව ව්ලැඩිමිර් පූටින් මහතා එහිදී කියා සිටියේය.

මේ සම්බන්ධයෙන් යුක්රේනය තවමත් ප්‍රතිචාර දක්වා නැත.

ගුවන් විදුලිය
20240426සිකුරාදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම