යුරෝපයේ බලශක්ති අර්බුදයෙන් වාසි ලබන ඇමරිකාව කෙරෙහි එම රටවල අප්‍රසාදය
2022-10-10 11:39:28
Share with:

යුරෝපයේ බලශක්ති අර්බුදයෙන් වාසි ගැනීමට කටයුතු කරන ඇමරිකාව විවේචනයට ලක් වේ.

රුසියාවට එරෙහිව බලශක්ති සම්බාධක පැනවීමට ඇමරිකාව යුරෝපා රටවල් තවතවත් පොළඹවමින් සිටිය ද, එම රටවලට වෙළඳපොළේ මිලට වඩා තුන් හතර ගුණයක වැඩි මිලකට ස්වාභාවික ගෑස් අලෙවි කරන බව ඊයේ (09) රුසියානු ජනාධිපතිවරයාගේ ප්‍රවෘත්ති ලේකම් Dmitry Peskov මහතා පැවසීය. එවන් ගනුදෙනුවලින් ඇමරිකාව විශාල ලාභයක් උපයාගෙන ඇතත්, ඉන් යුරෝපා රටවල නිෂ්පාදන ක්‍රියාවලියට හා සාමාන්‍ය ජනතාවගේ ජීවිතවලට බරපතල බලපෑම් ඇති වී තිබේ. එම අසාධාරණ ගනුදෙනුවලින් යුරෝපා රටවල ආර්ථික තරගකාරීත්වය තවතවත් දුර්වල වනු ඇති බව Dmitry Peskov මහතා සඳහන් කළේ ය.

යුරෝපයේ උග්‍ර වෙමින් පවතින බලශක්ති අර්බුදය හමුවේ ඇමරිකාව අධික මිලකට තම රටවලට ස්වාභාවික ගෑස් අලෙවි කිරීම පිළිබඳව යුරෝපා රටවල් රැසක් අප්‍රසාදය පළ කර ඇත. ඇමරිකාව තමා හා  සන්ධානගත යුරෝපා රටවලට අධික මිලට ස්වාභාවික ගෑස් අලෙවි කිරීම, සැබෑ යුරෝපා-ඇමරිකානු මිත්‍රත්වයේ ස්වභාවය නොවිය යුතු බව පසුගිය දා පැරිස් නුවර පැවති රැස්වීමකදී ප්‍රංශ ජනාධිපති Emmanuel Macron මහතා පෙන්වා දී තිබේ.

 

ගුවන් විදුලිය
20240426සිකුරාදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම