වොෂින්ටනයේ ආධිපත්‍යය යළි අඩාල වෙයි
2022-10-10 20:48:05
Share with:

නොවැම්බර් මාසයේ සිට බොරතෙල් නිෂ්පාදනය දිනකට බැරල් මිලියන 2 කින් කපා හැරීමට ඔපෙක් සංවිධානයේ සාමාජික රටවල්  13 සහ අනෙකුත් ඔපෙක් නොවන සාමාජික රටවල්  11 ක් තීරණය කර තිබේ. මෙම තීරණය බයිඩන් රජයේ විදේශ ප්‍රතිපත්ති සම්පාදකයන්ට එල්ල කළ පහරකි. එමගින් මැදපෙරදිග ප්‍රධාන තෙල් නිෂ්පාදකයන් තෙල් මිල පාලනය කිරීම සඳහා නිෂ්පාදනය වැඩි කර, ඇමරිකාවේ උද්ධමනය පාලනයට උපකාරී වනු ඇතැයි බයිඩන් පරිපාලනය තුළ වූ අපේක්ෂාව පසුබෑමට ලක්ව තිබේ .

ඔපෙක් රටවල් නිෂ්පාදනය කපා හැරීමට තීරණය කළේ ඇයි? තෙල් අපනයනය කරන රටවල ආදායම සහ ලාභය අඩුවීම සඳහා ජාත්‍යන්තර තෙල් මිලෙහි මෑතකාලීන අඩුවීම අර්ධ වශයෙන් වගකිව යුතු බව විශ්ලේෂකයෝ පෙන්වා දෙති. තෙල් මිල තවදුරටත් පහත වැටෙනු ඇතැයි ඔවුහු බිය වෙති. එබැවින් ඔවුහු ආරක්ෂණ උපායමාර්ගයක් ලෙස මිල අඩු කිරීම තෝරාගනිති.

භූ දේශපාලනික ක්‍රීඩා හේතුවෙන් ගෝලීය ආර්ථික පැවැත්ම වඩාත් අවිනිශ්චිත වන අතර, අනාගත තෙල් ඉල්ලුම අඩු විය හැක. සරලව කිවහොත් තෙල් මිල සෞදි අරාබිය සහ එක්සත් අරාබි එමීර් රාජ්‍යය වැනි ඔපෙක් රටවල ජීවනාලිය වන අතර නිෂ්පාදනය කපා හැරීමට ඔවුන් ගන්නා තීරණ ඔවුන්ගේම ආර්ථික අවශ්‍යතා මත පදනම් වේ.

ඉහළ යන බලශක්ති මිල ගණන් පාලනය කිරීමට සහ මධ්‍යවාර මැතිවරණයට පෙර ඉහළ උද්ධමනය මැඩපැවැත්වීමේ උත්සාහයක ඇමරිකාවේ පරිපාලන නිලධාරීහු දෙස් විදෙස් වශයෙන් මාස ගණනාවක් තිස්සේ ක්‍රියාකාරීව සිටිති. කෙසේවෙතත්, නිෂ්පාදනය කපා හැරීමට ඔපෙක් සංවිධානය ගත් තීරණය ඔවුන්ගේ උත්සාහයන් අසාර්ථක කර, ඩිමොක්‍රටිකයන්ට හිසරදයක් නිර්මාණය කර ඇත. ඔපෙක් සංවිධානය තවදුරටත් ඇමරිකාවෙන් නියෝග ලැබීමට කැමති නොවන බවත්, තමන්ගේම අවශ්‍යතා ආරක්ෂා කර ගැනීමට අධිෂ්ඨාන කරගෙන සිටින බවත් මින් මනාව පැහැදිලි වේ.

එය ඇමරිකානු රජයේ රාජ්‍ය තාන්ත්‍රිකත්වයට එල්ල වූ අතුල් පහරක් බඳුය. බයිඩන් ජනාධිපතිවරයා පසුගිය ජූලි මාසයේදී සෞදි අරාබියට ගිය අවස්ථාවේ, ඔහුගේ න්‍යාය පත්‍රයේ විශාල කොටසක් වෙන් වූයේ උද්ධමනය පාලනය සඳහා ඇමරිකාවේ තෙල් මිල අඩු කිරීමට උත්සාහ දැරීම වෙනුවෙනි. CNN  පුවත්පත පවසන්නේ,  ඔපෙක් රැස්වීමට පෙර, නිෂ්පාදන කප්පාදුවට එරෙහිව ඡන්දය දීම සඳහා රටවල් පෙළඹවීමට ඇමරිකානු පරිපාලනයේ බලශක්ති, ආර්ථික සහ විදේශ ප්‍රතිපත්ති පිළිබඳ ඉහළ නිලධාරීන් අසාර්ථක උත්සාහයක නිරත වූ බවයි.

නිෂ්පාදන කපාහැරීමට ඔපෙක් සංවිධානය ගත් තීරණය "ඇමරිකාවට රිදවයි" CNN පුවත්පතේ ඊයේ ( 9) පළවූ විවරණයක මේ බව සඳහන් විය. කෙසේවෙතත් මෙම රටවලට තමන්ගේම ජාතික අවශ්‍යතා සහ උපායමාර්ග ඇති බවත්, ඒවා ඇමරිකාවට යටත් නොවන බවත් ඇමරිකාව වටහාගත යුතුමය.

ගුවන් විදුලිය
20230606අඟහරුවාදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම