බලශක්ති අර්බුදයට විසඳුම් සෙවීමේ යුරෝපා සංගම් රැස්වීම අසාර්ථක වේ
2022-10-09 09:53:08
Share with:

බලශක්ති අර්බුදයට විසඳුම් සෙවීම සඳහා යුරෝපා සංගම් නායකයන් පැවැත්වූ අවිධිමත් රැස්වීම අසාර්ථක වෙයි.

යුරෝපා සංගමයේ නායකයන් බලශක්ති අර්බුදය සම්බන්ධයෙන් ඊයේ (8) චෙක් ජනරජයේ ප්‍රාග් අගනුවර දී අවිධිමත් රැස්වීමක් පැවැත්වූ නමුත්, එහිදී නිශ්චිත ප්‍රතිඵලයක් ලබාගැනීමට අපොහොසත් වී තිබේ. 

යුරෝපා කොමිසමේ සභාපතිනි Ursula von der Leyen මහත්මිය මෙම රැස්වීමෙන් පසු පැවති ඒකාබද්ධ මාධ්‍ය හමුවකදී කියාසිටියේ, සැපයුම්කරුවන් සමඟ සාධාරණ මිල පරාසයන් සාකච්ඡා කිරීම සහ ගෑස් වෙළඳපොළ හා විදුලි මිල මත මිල සීමා කිරීම මෙන්ම ඒවායේ බලපෑම ඇතුළුව, ඉහළ යන ගෑස් හා විදුලි මිල සම්බන්ධයෙන් කටයුතු කිරීම සඳහා කොමිසම සවිස්තරාත්මක යෝජනා ඉදිරි සතිවලදී ඉදිරිපත් කරන බවයි.

ගුවන් විදුලිය
20240425බ්‍රහස්පතින්දා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම