සාමකාමී එක්සත්කරණය මත එක් රටක් ක්‍රම දෙකක් ප්‍රතිපත්තිය රට එක්සත් කිරීමේ යහපත්ම ක්‍රමය බව චීනය කියයි
2022-10-09 18:35:50
Share with:

සාමකාමී එක්සත්කරණය මත එක් රටක් ක්‍රම දෙකක් ප්‍රතිපත්තිය රට එක්සත් කිරීමේ යහපත්ම ක්‍රමය බව චීනය පවසයි. 

ඊයේ(8) TESLA සමාගම නිර්මාතෘ Elon Reeve Musk සිදු කළ චීනයේ තායිවාන ප්‍රදේශය හා සම්බන්ධ ප්‍රකාශය පොදුවේ අවධානයට ලක්විය.මේ සම්බන්ධයෙන්, චීන විදේශ අමාත්‍යංශ ප්‍රකාශිකා Mao Ning මහත්මිය අද(9) පැවති මාධ්‍ය හමුවේදී මාධ්‍යවේදීන් නැගූ ප්‍රශ්නයකට පිලිතුරු ලබා දෙමින් මෙම අදහස් පළ කළාය.

සාමකාමී එක්සත්කරණ‍ය මත එක් රටක් ක්‍රම දෙකක් ප්‍රතිපත්තිය, චීනය තායිවාන ප්‍රශ්නය විසඳා ගැනීමේ මූලික ප්‍රතිපත්තියයි.එය රට එක්සත්කරණය කිරීමේ යහපත්ම ක්‍රමය බව Mao Ning මහත්මිය සඳහන් කළාය. ස්වාධිපත්‍යය, සුරක්ෂිතභාවය, සංවර්ධන ජයග්‍රහණ මනා ලෙස සහතික කිරීම යටතේ, තායිවාන ප්‍රදේශය තුළ චීනයේ විශේෂ පරිපාලන කලාපයක් ලෙස ඉහළ මට්ටම් ස්වයං පාලනය ක්‍රියාත්මක කළ හැකිය. ඒ අනුව තායිවාන ස්වදේශිකයන්ගේ සමාජ ක්‍රමය සහ ජීවන රටාවට සම්පූර්ණයෙන්ම ගරු  කෙරෙන අතර, ඔවුන්ගේ නීත්‍යනුකූල අයිතිවාසිකම් සහ අවශ්‍යතා ද සම්පූර්ණයෙන්ම සහතික කෙරෙනු ඇත. ‘සාමකාමී එක්සත්කරණය මත එක් රටක් ක්‍රම දෙකක් ප්‍රතිපත්තිය’  බහුතර ලෝකවාසීන්  අවබෝධ කර ගනිමින් ඊට සහාය දක්වනු ඇතැයි චීනය අපේක්ෂා පළ කරන බවද Mao Ning මහත්මිය පවසා ඇත.

ගුවන් විදුලිය
20240424 බදාදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම