ඇමරිකාව කවර හෝ හේතුවක් මත සෙසු රටවල අභ්‍යන්තර කටයුතුවලට මැදිහත්වීමට චීනය විරෝධය පළකරයි
2022-10-09 18:39:09
Share with:

ඇමරිකාව කවර හෝ හේතුවක් මත සෙසු රටවල අභ්‍යන්තර කටයුතුවලට මැදිහත්වීමට චීනය විරුද්ධ වන බව චීන විදේශ අමාත්‍යංශ ප්‍රකාශිකා මාඕ නිං මහත්මිය පවසයි.

ඇය එසේ පැවසුවේ ඇමරිකාව දේශීය නීතියට අනුව ඉරාන නිලධාරීන්ට සම්බාධක පැනවීම සම්බන්ධයෙන් අද(9) පැවති මාධ්‍ය හමුවකදී මාධ්‍ය වේදියෙකු නැගූ ප්‍රශ්නයකට පිලිතුරු දෙමිනි.

ඇමරිකාව ඉරානයට නිත්‍යනුකූල නොවන අයුරෙන් සම්බාධක පැනවීමට චීනය සැමවිටම විරුද්ධය.කවර හෝ හේතුවක් මත සෙසු රටවල අභ්‍යන්තර කටයුතුවලට මැදිහත්වීමටත්, ‘ප්‍රජාතන්ත්‍රවාදය’, ‘මානව හිමිකම්’ මුවාවෙන් සෙසු රටවල ඊනියා වර්ණ විප්ලවයන් උසිගැන්වීමටත් චීනය විරුද්ධ වන බව ද මාඕ නිං මහත්මිය කියා සිටියාය.

ගුවන් විදුලිය
20240426සිකුරාදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම