මෑත වසර 10 ක් තුළ චීන ආර්ථීකයේ සාමාන්‍ය වර්ධනය 6.6% ක්
2022-10-09 18:39:03
Share with:

මෑත වසර 10 ක් තුළ, චීන ආර්ථීකයේ සාමාන්‍ය වර්ධනය 6.6% ක් වන අතර ලෝකයේ ප්‍රධාන ආර්ථිකයන් අතර තවදුරටත් ඉදිරි පෙළේ පවතින බව චීන විදේශ අමාත්‍යංශ ප්‍රකාශිකා Mao Ning මහත්මිය පවසයි.‍

එම කාලය තුළ ලෝක ආර්ථික වර්ධනයට චීනය ලබා දුන්  දායකත්ව‍‍යේ සාමාන්‍යය 38.6% වන අතර එය G7 ර‍ටවල සමස්ත දායකත්වය ඉක්මවා යාමකි. ගිය වසරේ චීන දළ දේශීය නිෂ්පාදිතය ලෝක දළ දේශීය නිෂ්පාදිතයෙන් 18.5% වූ අතර විදේශ වෙළඳාම ඩොලර් ට්‍රිලියන 6.9 කි. එය වසර දහයකට පෙර හා සැසඳීමේ දී 56.8%ක වර්ධනයකි. ලෝකයේ දෙවැනි විශාලතම ආර්ථිකය හා විශාලතම වෙළඳ ර‍‍ට චීනයයි.

චීන ආර්ථිකය දිගුකාලීනව වර්ධනය වීමේ ප්‍රවණතාව වෙනස් නොවන බවත්, චීනයේ විවෘතභාවය නතර නොවන බවත් Mao Ning මහත්මිය පැවසුවාය.


ගුවන් විදුලිය
20240425බ්‍රහස්පතින්දා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම