‘ෂී ජින්පිං මහතා‍‍ ගේ අධ්‍යාපනික දර්ශනය අවබෝධ කර ගැනීම’ නමැති ග්‍රන්ථයේ ඉංග්‍රීසි සංස්කරණය එළි දැක්වේ
2022-10-09 19:45:30
Share with:

‘ෂී ජින්පිං මහතා‍‍ ගේ අධ්‍යාපනික දර්ශනය අවබෝධ කර ගැනීම’ නමැති ග්‍රන්ථයේ ඉංග්‍රීසි සංස්කරණය එළි දැක්වේ. චීන විදේශ භාෂා ඉගැන්වීම් සහ පර්යේෂණ මුද්‍රණාලය හා උසස් අධ්‍යපන මුද්‍රණාලය විසින් ඒකාබද්ධව එය ප්‍රකාශයට පත් කරන ලදි.එහි චීන භාෂා සංස්කරණය 2020 වසරේ ජූලි මාසයේ දී එළි දැක්විණ.

චීන කොමියුනිස්ට් පක්ෂයේ මධ්‍යම කාරක සභාවේ මහ ලේකම් ෂී ජින්පිං මහතාගේ  අධ්‍යාපනික දර්ශනය පිළිබඳ සවිස්තරාත්මක හා ගැඹුරු අර්ථකථනයන් ඊට ඇතුළත්ය. මෙම ග්‍රන්ථය අධ්‍යාපන අමාත්‍යංශයේ අනුග්‍රහය යටතේ බෙයිජිං විදේශ භාෂා විශ්වවිද්‍යාලය විසින් පරිවර්තනය කරන ලදි. අධ්‍යාපනය පිළිබඳ  ෂී ජින්පිං මහතා ගේ නව සිතුවිලි සහ අදහස් ජාත්‍යන්තර පාඨකයන්ට සන්නිවේදනය කිරීම සහ චීනයේ අධ්‍යාපන ක්ෂේත්‍රයේ නවතම වර්ධනයන් පිළිබඳව ජාත්‍යන්තර ප්‍රජාව දැනුවත් කිරීම එහි අරමුණයි.

ගුවන් විදුලිය
20240426සිකුරාදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම