චීන කොමියුනිස්ට් පක්ෂයේ 19 වන මධ්‍යම කාරක සභාවේ 7 වැනි පූර්ණ සැසිය අද (09)
2022-10-09 13:54:51
Share with:

චීන කොමියුනිස්ට් පක්ෂයේ 19 වන මධ්‍යම කාරක සභාවේ 7 වැනි පූර්ණ සැසිය පැවැත්වේ.

 අද(9) උදේ බෙයිජිං අගනුවර පැවති එම සැසියේදී මධ්‍යම කාරක සභාවේ මහලේකම් ෂී ජින්පිං මහතා, සභාවේ දේශපාලන කාර්යාංශය වෙනුවෙන් කාර්ය වාර්තාවක් ඉදිරිපත් කළේය. එමෙන්ම 19වන මධ්‍යම කාරක සභාව විසින් චීන කොමියුනිස්ට් පක්ෂයේ 20 වැනි ජාතික කොංග්‍රසය වෙත ඉදිරිපත් කිරීමට නියමිත වාර්තා කෙටුම්පත පිළිබඳව ද එහිදී ඔහු විග්‍රහ කළේය. 

මීට අමතරව,‘චීන කොමියුනිස්ට් පක්ෂ ව්‍යවස්ථාවේ’ සංශෝධන කෙටුම්පත  සම්බන්ධයෙන් පැහැදිලි කිරීමක්, චීන කොමියුනිස්ට් පක්ෂයේ මධ්‍යම කාරක සභාවේ දේශපාලන කාර්යාංශයේ ස්ථාවර සාමාජික, මධ්‍යම ලේකම් කාර්යාලයේ ලේකම් වං හූනිං මහතා විසින්  සිදුකරනු ලැබීය.

ගුවන් විදුලිය
20240425බ්‍රහස්පතින්දා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම