යටත්විජිතවාදයෙන් ශේෂ වී ඇති විෂ තුරන් කිරීමේ දැඩි අපේක්ෂාව උද්දීපනය කළ ඇමරිකානු මහාද්වීපික රටවල සංවිධානයේ 52වන සම්මේලනය
2022-10-08 20:20:25
Share with:

 

7වනදා අවසන් වූ ඇමරිකානු මහාද්වීපික රටවල සංවිධානයේ 52වන සම්මේලනයේදී, ඊට එක්වූවෝ සාමූහික අත්පොලසන් නාදයකින් තීරණයකට එළඹුණහ. Malvinas දූපත් කෙරේ ආජන්ටිනාවට හිමි නිත්‍යනුකූල අයිතිය ආරක්ෂා කරමින් අදාළ ගැටුම සාමකාමී සාකච්ඡාවලින් විසඳීම ඔවුන්ගේ ඒකමතික ස්ථාවරය විය.

මෙය, ඇමරිකානු මහාද්වීපික රටවල් එබඳු අදහසක් දැක්වූ පළමු අවස්ථාව නොවේ. සාමකාමී සාකච්ඡාවලින් Malvinas දූපත් කෙරේ ස්වාධිපත්‍යය යළි ලබා ගැනීමට එම රටවල පැහැදිලි අනුබලය ආජන්ටිනාවට දැක්වීම බහු වරක් ප්‍රකාශ කර තිබිණ. එවන් ප්‍රකාශයක්, ඇමරිකානු මහාද්වීපික රටවල් පොදුවේ හඬනැගීමක් පමණක් නොව, යටත්විජිතවාදයෙන් ශේෂ වී ඇති විෂ තුරන් කිරීම පිළිබඳ ඔවුන්ගේ දැඩි අපේක්ෂාව ද පිළිබිඹු විය හැකිය.

ඉතිහාසඥ Stuart Laycock මහතා සිදු කළ පර්යේෂණයකට අනුව, විවිධ ‍ඓතිහාසික වකවානුවලදී, බ්‍රිතාන්‍යය විසින් ලෝකයේ සියයට 90කට ආසන්න රටවල් ආක්‍රමණය කරනු ලැබීය. නොබෝ කලකට පෙර අවසන්වූ එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයේ 51වන රැස්වීමේදී, සිය යටත්විජිතවාදී අපරාධ යළි ආවර්ජනය කරමින් වැරදි නිවැරදි කිරීමට පියවර ගන්නා ලෙස විවිධ පාර්ශ්වයන් බ්‍රිතාන්‍යය ඇතුළු බටහිර රටවල්වලින් ඉල්ලීමක් කර ඇත.

සදාකාලීන අත්පත් කර ගැනීම සඳහා හේතුවක් ගොඩනැගීමට බ්‍රිතාන්‍යය Malvinas දූපත් ප්‍රශ්නය, නිශ්චිත ඓතිහාසික ගැටළුවක් ලෙස සලකා කටයුතු කරමින් සිටියි.  එහෙත්, එම ඉතිහාසය තවමත් අවසන් වී නොමැත. එක්සත් ජාතීන්ගේ සංවිධානය, ඇමරිකානු මහාද්වීපික රටවල සංවිධානය, චීනය ඇතුළු සංවර්ධනය වෙමින් පවතින රටවල් ඇතුළු ජගත් ප්‍රජාව, ආජන්ටිනාවට යළි Malvinas දූපත්වල ස්වාධිපත්‍යය ලබා ගැනීමට අනුබල දක්වා ඇත. එය ජාත්‍යන්තර යුක්තිසහගත ක්‍රියාවක් පමණක් නොව, බහුධ්‍රැව ලෝකය, යටත්විජිතවාදයට විරුද්ධවීමට ගත් ක්‍රියාවක් ලෙසට ද සැලකිය යුතුය.

ගුවන් විදුලිය
20240426සිකුරාදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම