සංවර්ධනය වෙමින් පවතින රටවලට අඛණ්ඩව සැබෑ සහයෝගය ලබා දෙන බවට චීනයෙන් ප්‍රකාශයක්
2022-10-08 18:44:21
Share with:

සංවර්ධනය වෙමින් පවතින රටවලට අඛණ්ඩව සැබෑ සහයෝගය  ලබා දෙන බව චීනය පවසයි.

චීන විදේශ අමාත්‍යංශ ප්‍රකාශිකා Mao Ning මහත්මිය අද(8)පැවති මාධ්‍ය හමුවේදී මේ බව ප්‍රකාශ කළාය. එක් තීරයක් එක් මාවතක් වැඩපිළිවෙළ හා ගෝලීය සංවර්ධන යෝජනාව ස්ථීර ලෙස ඉදිරියට ගෙන යාමත් සමඟ චීනය අදාළ රටවලට අඛණ්ඩව සැබෑ සහයෝගය ලබා දෙනු ඇත. 

මෑතකදී චීන විදේශ අමාත්‍යවරයාගේ  සහකාර Hua ChunYing මහත්මිය සිය සමාජ මාධ්‍ය ගිණුමේ ඡායාරූප 13ක් පළ කර ඇත.පාකිස්තානය, ශ්‍රී ලංකාව, තායිලන්තය සහ ලාඕසය ඇතුළු රටවල් 11ක සංකේතාත්මක යටිතල පහසුකම්වල චිත්‍ර මුද්‍රණය කර ඇති මුදල් නෝට්ටුවල ආකාරය ඒවායෙන් පෙන්නුම් කෙරේ. අදාළ ව්‍යාපෘති චීනය විසින් ඉදිකරනු ලැබ තිබීම විශේෂත්වයකි. Mao Ning මහත්මිය ඒ පිළිබඳව අදහස් දක්වමින් ප්‍රකාශ කළේ ලෝකයේ විශාලතම සංවර්ධනය වෙමින් පවතින රට ලෙස චීනය සංවර්ධනය වෙමින් පවතින සෙසු රටවල ජනජීවත යහපත් කිරීමට සහ ආර්ථිකය සංවර්ධනය කිරීමට සහය දීමෙහි සැමවිටම නියැළී සිටින බවයි.චීනය අදාළ රටවල ආර්ථික හා සාමාජීය සංවර්ධනයට සැබෑ සහයෝගය ලබා දී ජනතාවගේ ප්‍රසාදය දිනා ගෙන ඇත.සැබෑ ක්‍රියාවන් මගින් සංවර්ධනය වෙමින් පවතින රටවල් සමඟ සැමවිටම එක්ව සිටීමේ පොරොන්දුව චීනය ඉටු කර ඇති බවද ඇය සඳහන් කළාය.

ගුවන් විදුලිය
20240424 බදාදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම