ඇමරිකාවේ විද්‍යා තාක්ෂණික හා ආර්ථික වෙළෙඳ ප්‍රශ්නය පිළිබඳ ක්‍රියාකලාපයන් ගෙන් එරටට පමණක් හානි සිදුවනු ඇතැයි චීනය කියයි
2022-10-08 19:48:45
Share with:

ඇමරිකාව විද්‍යා තාක්ෂණික හා ආර්ථික වෙළෙඳ ප්‍රශ්නය, දේශපාලනීකරණය කිරීම ,මෙවලක් ලෙසට යොදා ගැනීම සහ ආයුධයන් ලෙසට භාවිත කිරීමට ගත් උත්සාහයන් ගෙන්, එරටටම පමණක් හානි සිදු වනු ඇතැයි චීනය පවසයි.

චීන විදේශ අමාත්‍යංශ ප්‍රකාශිකා මාඕ නිං මහත්මිය එසේ පැවසුවේ අද(8) බෙයිජිංහි පැවති මාධ්‍ය හමුවකදීය. ඇමරිකාව චිප් නිෂ්පාදිත කෙරේ නව අපනයන සීමා විධිවිධාන යොදා ගන්නා බවට ප්‍රකාශ කිරීම සම්බන්ධයෙන් මාධ්‍ය වේදියෙකු නැගූ ප්‍රශ්නයකට පිලිතුරු දෙමින් ඇය එසේ අදහස් දැක්වූවාය. 

ඇමරිකාවේ ක්‍රියාව, විද්‍යා තාක්ෂණික ආධිපත්‍යය තහවුරු කිරීම සඳහා ගත් පියවරයක් බව ඇය කියා සිටියි. එය ජාත්‍යන්තර විද්‍යා තාක්ෂණික හුවමාරුව හා ආර්ථික වෙළෙඳ සහයෝගතාවට බාධාවක් වන අතර ගෝලීය කර්මාන්ත දාමය හා සැපයුම් දාමයට මෙන්ම, ලෝක ආර්ථික පුනර්ජීවනයටත් පහරකි. ඇමරිකාවේ ක්‍රියාවෙන් චීනයේ සංවර්ධනයට බාධා  එල්ල නොවන අතර එරටටම පමණක් හානි වනු ඇතැයි ද මාඕ නිං මහත්මිය සඳහන් කළාය.

ගුවන් විදුලිය
20240424 බදාදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම