අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා ගෙන් චීන කොමියුනිස්ට් පක්ෂයේ 20 වන ජාතික කොංග්‍රසයට උණුසුම් සුබ පැතුම්
2022-10-07 14:12:15
Share with:
චීන කොමියුනිස්ට් පක්ෂයේ 20 වන ජාතික කොංග්‍රසයට උණුසුම් සුබ පැතුම් පිරිනමන බව කැබිනට් ප්‍රකාශක, ප්‍රවාහන, මහාමාර්ග හා ජනමාධ්‍ය අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා පවසයි. දිගු කාලීන මිත්‍රයෙකු ලෙසට චීනය ශ්‍රී ලංකාවේ විවිධ අංශ වෙනුවෙන් සහාය දක්වා ඇති බව හෙතෙම කියා සිටී. රාජ්‍යයන් දෙකක් අතර දීර්ඝකාලීනව ක්‍රියාත්මක වූ වෙළඳ ගිවිසුමක් ලෙසට රබර් සහල් ගිවිසුම කිසිඳු ගැටළුවකින් තොරව පවත්වා ගෙන යාමට හැකිවීමෙන් එම සමීප බව වඩාත් තහවුරු වන බව ද හෙතෙම කියා සිටී. චීන කොමියුනිස්ට් පක්ෂයේ 20 වන ජාතික කොංග්‍රසයට උණුසුම් සුබ පැතුම් පිරිනමමින් අමාත්‍යවරයා දැක්වූ අදහස්.