චීනයේ විදේශ විනිමය සංචිතය ට්‍රිලියන 3 ඉක්මවයි
2022-10-07 15:02:36
Share with:

චීනයේ විදේශ විනිමය සංචිතය සැප්තැම්බර් අග වන විට, ඇමරිකානු ඩොලර් ට්‍රිලියන 3.029ට ළඟා වී ඇතැයි චීන ජාතික විදේශ විනිමය පිළිබඳ පරිපාලනය පවසයි.

එම පරිපාලනයේ නවතම සංඛ්‍යාලේඛනයන්ට අනුව, චීනයේ අන්තර් ජාතික ප්‍රාග්ධන ගලායාම් සමස්තයක් වශයෙන් ස්ථිර මට්ටමක පවතින අතර දෙස් විදෙස් විනිමය පිළිබඳ සැපයුම් හා ඉල්ලුම් පැතිරයාමේ මූලික වශයෙන් සමතුලිතවීමක් දක්නට ඇත.

වර්තමාන බාහිර තත්ත්වය වඩාත් සංකීර්ණ මෙන්ම උග්‍ර වී ඇති අතර ගෝලීය ආර්ථික අස්ථාවරත්වය සහ අවිනිශ්චිතතාවය පිළිබඳව සැලකිය යුතු සාධකයන් වැඩි වී ඇති බව නිසැකය. කෙසේ වෙතත්, චීන ආර්ථිකය සමස්තයක් ලෙස යථා තත්ත්වයට පත්වෙමින් පවතින ප්‍රවණතාව වඩාත් තහවුරු කළ හැකිය.

ශක්තිමත් ආර්ථික ස්ථාවරභාවයකින්, ප්‍රමාණවත් විභවයකින් සහ දිගුකාලීන යහපත වෙනුවෙන් හඹා යාමකින් සුසැදි මූලධර්මය වෙනස් නොවනු ඇති අතර එය විදේශ විනිමය සංචිතයේ සමස්ත ස්ථාවරත්වයට හිතකර වනු ඇත.

ගුවන් විදුලිය
20240426සිකුරාදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම