ලෝක බැංකුව ඉන්දියානු ආර්ථික වර්ධන අපේක්ෂාව 3වැනි වරටත් පහළ දමයි
2022-10-07 16:37:30
Share with:

ලෝක බැංකුව ඉන්දියානු ආර්ථිකයේ අපේක්ෂිත වර්ධනය 3වැනි වතාවටත් අඩු කරයි.

ලෝක බැංකුව ඊයේ(6) පළ කරන ලද "දකුණු ආසියාවේ ආර්ථික අවධානය" යන වාර්තාවෙන්, ඉන්දියාවේ 2022-2023 මුදල් වර්ෂයේ ආර්ථික වර්ධනය, 7.5% සිට 6.5% දක්වා අඩු කර තිබේ.

ලෝක බැංකුව ඉන්දියානු ආර්ථික වර්ධන අපේක්ෂාව සංශෝධනය කළ තෙවැනි අවස්ථාව මෙයයි. රුසියා-යුක්රේන ගැටුම මෙන්ම, ගෝලීය මූල්‍ය ප්‍රතිපත්ති දැඩි කිරීමේ බලපෑම්, ඉන්දියානු ආර්ථික වර්ධන අපේක්ෂාව පහත දැමීමට හේතු වී ඇත.

මෙම වසරේ අප්‍රේල් මස මුල දී, ලෝක බැංකුව ඉන්දියානු ආර්ථික වර්ධන අපේක්ෂාව 8.7% සිට 8% දක්වා අඩු කළේ ය. ජූනි මාසයේ දී එය යළිත්, 8% සිට 7.5% දක්වා අඩු කර තිබේ.

ගුවන් විදුලිය
20240426සිකුරාදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම