ඇමරිකාව සහ ඇතැම් බටහිර බලවේග චීනයට එරෙහිව ගත් තවත් පියවරක් ජාත්‍යන්තර ප්‍රජාව හමුවේ පරාජයට පත්වෙයි
2022-10-07 15:13:04
Share with:

මානව හිමිකම් දේශපාලනීකරණය කිරීම සහ දෙබිඩි පිළිවෙත් අනුගමනය කිරීම දැඩි ලෙස ජනප්‍රිය නොවන ක්‍රියාවක් බව අවධාරණ‍ය කෙරේ.

චීනය පහත හෙලීමට හෝ පාලනය කිරීමට චීන ෂින්ජ්‍යං උයිගුර් ස්වයාත්තය ආශ්‍රිත ප්‍රශ්න භාවිත කිරීමට උත්සාහ කිරීම කිසිදු අයුරකින් සාර්ථක නොවන්නක් බව  යළි යළිත්  ඔප්පු වී ඇතැයි චීන විදේශ අමාත්‍යංශ ප්‍රකාශකයෙක් පවසයි.  

මාධ්‍ය වාර්තාවලට අනුව, මානව හිමිකම් කවුන්සිලයේ 51 වැනි සැසිවාරයට  ෂින්ජ්‍යං සම්බන්ධයෙන් ඇමරිකාව විසින් ඉදිරිපත් කරනු ලැබූ කෙටුම්පතක් ප්‍රතික්ෂේප වී තිබේ.

කලක සිට  ඇමරිකාව සහ ඇතැම් බටහිර රටවල් ෂින්ජ්‍යං ස්වයාත්තය පිළිබඳව මහජනතාවට වැරදි තොරතුරු ලබා දෙමින් මානව හිමිකම් නාමයෙන් චීනයේ ප්‍රතිරූපයට එරෙහිව මඩ ගැසීමට සහ චීනයේ දියුණුව මැඩ පැවැත්වීම සඳහා දේශපාලන උපක්‍රම සොයමින් සිටින බව මාධ්‍ය කළ විමසුමකට ප්‍රතිචාර දක්වමින් එම ප්‍රකාශකයා පැවසීය .

සත්‍ය කරුණු  තිබියදීත්, එම  රටවල් මානව හිමිකම් කවුන්සිලයේදී ෂින්ජ්‍යං ස්වයාත්තය පිළිබඳ අසත්‍ය‍ තොරතුරු ප්‍රචාරය කළ අතර එම වැරදි පදනම මත ඇමරිකාව එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් ආයතන වෙත කෙටුම්පතක් ඉදිරිපත් කරමින් චීනයේ අභ්‍යන්තර කටයුතුවලට මැදිහත්වීම සඳහා එය මෙවලමක් ලෙස භාවිත කිරීමට උත්සාහ කළේය. එහෙත් ජාත්‍යන්තර ප්‍රජාව  පහසුවෙන් නොමඟ නොයන බව චීන විදේශ අමාත්‍යංශ ප්‍රකාශකයා පැවසීය. ඇමරිකාව සහ ඇතැම් බටහිර රටවල් සෙසු සාමාජික රටවලට බලපෑම් කළද මානව හිමිකම් කවුන්සිලයේ සාමාජිකත්වයේ බහුතරයකගේ, විශේෂයෙන් සංවර්ධනය වෙමින් පවතින ලෝකයේ බොහෝ සාමාජිකයින්ගේ සහාය ඊට අහිමි විය. ඇමරිකාව සහ ඇතැම් බටහිර බලවේග විසින් ‍ඉදිරිපත් කළ න්‍යාය පත්‍රයට නැවතත් ජාත්‍යන්තර සහයෝගය හිමිව නොමැති බව ඉන් පැහැදිලි යැයිද හෙතෙම කියා සිටී.

ගුවන් විදුලිය
20240426සිකුරාදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම