ෆ්ලොයිඩ් ඛේදවාචක නැවත නැවතත් සිදු වීම ඇමරිකාවට ලැජ්ජාවකි
2022-10-06 15:22:35
Share with:

මේ දිනවල පැවැත්වෙන එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයේ 51 වැනි සැසිවාරයේදී, ඇමරිකාවේ සහ තවත් ඇතැම් රටවල නීති බලාත්මක ආයතන විසින් සුළු ජාතීන්ට වෙනස් කොට සැලකීමේ නීතිය ක්‍රියාත්මක කිරීම පිළිබඳව චීන නියෝජිතයෝ දැඩි කනස්සල්ල පළ කරති. තමන්ගේම රටවල වාර්ගික වෙනස්කම් කිරීම සහ ජාතිවාදයේ බරපතල ගැටළු වලට මුහුණ දෙමින්  ජෝර්ජ් ෆ්ලොයිඩ් ඛේදවාචක නැවත සිදු නොවන පරිදි ඩර්බන් ප්‍රකාශනය සහ ක්‍රියාකාරී වැඩසටහන ක්‍රියාත්මක කරන ලෙස ඔවුහු එම රටවලින් ඉල්ලා සිටියහ.  

ෆ්ලොයිඩ්ගේ ඝාතනයෙන් පසු ගෙවුණු වසර තුළ, පොලිසිය අවම වශයෙන් අප්‍රිකානු සම්භවයක් සහිත ඇමරිකානුවන් 229 දෙනෙකු ඝාතනය කර තිබේ. මෙම වසරේ ආරම්භයේ සිට, පොලීසිය විසින් ඔවුන්ට එරෙහිව ඇමරිකාවේ ප්‍රචණ්ඩකාරී නීති ක්‍රියාත්මක කිරීම් මාලාවක් සිදුකර තිබේ.

මෙම ඛේදවාචක ඇමරිකාවේ මානව හිමිකම් පිළිබඳ කුහකත්වය යළි යළිත් හෙළිදරව් කර ඇති අතර ඇමරිකානු සමාජය දේශපාලනඥයන් විසින් උදම් අනන ඊනියා "ප්‍රජාතන්ත්‍රවාදී" පාරාදීසයක් නොව, මූලික අයිතිවාසිකම් පවා අහිමි වූ රෝගී සමාජයක් බව පැහැදිලිව පෙනෙන්නට සලස්වා තිබේ. එය ඇමරිකානු සමාජය තුළ ගැඹුරට මුල් බැස ඇති වර්ගවාදය ද පිළිබිඹු කරයි. පසුගිය වසර 50 තුළ ඇමරිකාවේ සැබෑ වාර්ගික සමානත්ව ප්‍රගතියක් දක්නට නොලැබිණ.

මෙම වසරේ අගෝස්තු මාසයේදී, වාර්ගික වෙනස්කම් කිරීම් තුරන් කිරීම පිළිබඳ එක්සත් ජාතීන්ගේ කමිටුව, සියලු ආකාරයේ වාර්ගික වෙනස්කම් කිරීම් තුරන් කිරීම පිළිබඳ ජාත්‍යන්තර සම්මුතිය ක්‍රියාත්මක කිරීම සමාලෝචනය කිරීමේදී ඇමරිකාවේ වාර්ගික වෙනස්කම් පිළිබඳ ගැඹුරු ගැටලුව විවේචනය කළේය. එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයේ 51 වැනි සැසිවාරයට සහභාගිවන්නන් ඇමරිකාවෙන් ඉල්ලා සිටියේ තම රට තුළ ක්‍රමානුකූල වර්ගවාදය ආමන්ත්‍රණය කිරීමට සංයුක්ත ක්‍රියාමාර්ග ගන්නා ලෙසයි.

ජාත්‍යන්තර ප්‍රජාවේ මෙවැනි විවේචන හමුවේ ඇමෙරිකාව එය එහි මානව හිමිකම් තත්ත්වය වැඩිදියුණු කිරීමට ගාමක බලවේගයක් ලෙස භාවිත කළ යුතුය. එහි වෙනස් කොට සැලකීමේ නීති, ප්‍රතිපත්ති සහ ක්‍රියාමාර්ග පුළුල් ලෙස සමාලෝචනය කර අදාළ වෙනස් කිරීම් සිදු කරමින්, ප්‍රචණ්ඩකාරී නීතිය ක්‍රියාත්මක කිරීම පිළිබඳ සිද්ධීන් හොඳින් විමර්ශනය කර, අපරාධකරුවන්ට වගවීම් සහ වින්දිතයින්ට වන්දි ගෙවීම් සිදු කළ යුතුය.

ගුවන් විදුලිය
20240424 බදාදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම