දිනෙන් දින වර්ධනය වන චීන-දකුණු කොරියා සබඳතාව
2022-10-06 18:28:38
Share with:

මෙම වසර චීනය හා දකුණු කොරියාව අතර රාජ්‍ය තාන්ත්‍රික සබඳතාව ස්ථාපිත කිරී‍මේ 30වැනි සංවත්සර වසරයි. චීනයේ  අසල්වැසි රටවල් අතරින් දකුණු කොරියාව සමග රාජ්‍ය තාන්ත්‍රික සබඳතාව ස්ථාපිත වූ කාලය දිගු කාලයක් නොවුණද, ගතවූ වසර 30 තුළ, දෙරටේ සබඳතාව පුළුල් ලෙස වර්ධනය වී තිබෙනවා.

චීනය සහ දකුණු කොරියාව අතර රාජ්‍යතාන්ත්‍රික සබඳතාව ස්ථාපිත කිරීමේ 30 වැනි සංවත්සරය පසුගිය අගෝස්තු මාසයේ යෙදී තිබුණා. ඒ නිමිත්තෙන්, එරට ජනාධිපති යූන් සොක්-යූල් මහතා සමග සුබ පැතුම් පණිවුඩ හුවමාරු කෙරුණු අවස්ථාවේදී චීන ජනාධිපති ෂී ජින් පිං මහතා දෙරටේ සබඳතාව විග්‍රහ කළේ, ‘ කාලයත් සමග ඉදිරියට ගමන් කිරීම ’යන තේමාව ඔස්සේයි. ගතවූ වසර 30 තුළ, දෙරටේ පොදු ප්‍රයත්න යටතේ, චීන-‍දකුණු කොරියා සබඳතාව යුගයට අනුව පූර්ණ ලෙස වර්ධනය වී පොහොසත් ප්‍රතිඵල ලබා ගෙන ඇති බව එමගින් පිළිබිඹු කෙරෙනවා.

ජනාධිපති ධුරයට තේරී පත් වීමෙන් පසු, ඇරයුමකට අනුව, ෂී ජින් පිං මහතා 2014 වසරේ ජූලි මාසයේ දකුණු කොරියාවේ නිල සංචාරයක නිරත වුණා. දෙරටේ අනාගත සබඳතාව උපාය මාර්ගික මට්ටමෙන් එම චාරිකාව තුළින් සැළසුම් කෙරුණා.

ආර්ථික හා වෙළඳ සහයෝගිතා පැවැත්වීම, චීන-දකුණු කොරියානු සබඳතාව තුළ කැපී පෙනෙනවා. පසුගිය වසර 18ක් තුළ,  අඛණ්ඩව දකුණු කොරියාවේ පළමුවැනි විශාලතම වෙළඳ හවුල්කරුවා චීනය වීම විශේෂත්වයක්.

පසුගිය අගෝස්තු මාසයේ, දකුණු කොරියාවේ විදේශ අමාත්‍යවරයා චීනයේ Qingdao නගරයට පැමිණියා. Yoon Seok-Youl මහතා ගේ රජය පිහිටුවීමෙන්  පසු එහි උසස් පෙළේ ප්‍රධානියෙකු චීනයේ නිල සංචාරයක නිරතවූ ප්‍රථම අවස්ථාව මෙයයි. චීන විදේශ අමාත්‍යංශ ප්‍රකාශක Wang Wenbin මහතා මෙම සංචාරය සංවර්ධනාත්මක හා ඵලදායී සංචාරයක් බව පැවසුවා. ඔහු චීන විදේශ අමාත්‍ය වං යී මහතාගේ ප්‍රකාශයක් උපුටා දක්වමින් පැවසුවේ ගතවූ වසර 30 තුළ, චීන-දකුණු කොරියා සබඳතාව අසීරුතාවන් ජය ගෙන බවයි. අනාගත වසර 30ක් සඳහා, දෙපාර්ශ්වය දෙරටේ සබඳතා වර්ධන දැක්ම නිසි ලෙස ප්‍රත්‍යක්ෂ කළ යුතුයි. දකුණු කොරියාව පිළිබඳ චීනයේ ප්‍රතිපත්ති ස්ථාවරයි. චීනය හා දකුණු කොරියාවට සමාන දිශාව කරා ගමන් කිරීමට හැකි වනු ඇති බවට චීනය අපේක්ෂා ‍කරන බව විදේශ අමාත්‍යංශ ප්‍රකාශකයා විදේශ අමාත්‍ය වං යී මහතාගේ ප්‍රකාශ උපුටා දක්වමින් සඳහන් කළා.

ගුවන් විදුලිය
20240424 බදාදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම