Xinjiang දුම්රිය දුම්රිය ස්ථාන දෙකක් හරහා ගමන් කළ චීන-යුරෝපා දුම්රිය වාර සංඛ්‍යාව 10,000 ඉක්මවයි
2022-10-06 15:49:21
Share with:

චීනයේ Xinjiang උයිගුර් ස්වායත්තයේ දුම්රිය දෙපාර්තමේන්තුව නිකුත් කළ තොරතුරුවලට අනුව, අද(6) උදෑසන 10ට, කන්ටේනර් 50ක් රැගත්, අංක 2019 චීන-යුරෝපා භාණ්ඩ ප්‍රවාහන දුම්රිය, Horgos දුම්රිය ස්ථානයෙන් පිටත් වී, පෝලන්තයේ Malaszewicze වෙත ගමන් ආරම්භ කළේ ය. ඉන් සංකේතවත් වන්නේ, ෂින්ජ්‍යං හී  දුම්රිය ස්ථාන දෙකක සිට ක්‍රියාත්මක චීන-යුරෝපා දුම්රිය ගමන් වාර 10,000 ඉක්මවා ඇති බවයි.

මෙම වසරේ ජනවාරි මාසයේ සිට සැප්තැම්බර් මාසය දක්වා, එම ගමන් වාරයන්හී ස්ථාවර වර්ධනයක් පෙන්නුම් කෙරේ. ඒ අතරින් Alashankou දුම්රිය ස්ථානය හරහා ගමන් කළ චීන-යුරෝපා  දුම්රිය සංඛ්‍යාව 4617ක් වූ අතර, එය පසුගිය කාලසීමාවට වඩා 4.6%ක වර්ධනයකි. Horgos දුම්රිය ‍පොල හරහා ගමන් කළ චීන-යුරෝපා දුම්රිය සංඛ්‍යාව 5246ක් වූ අතර, එය පසුගිය කාලසීමාවට වඩා 10.6% වැඩි වීමකි.

මේ දක්වා, Alashankou හා Horgo දුම්රිය ස්ථානවල ස්ථාවර මාර්ග 57ක් ඇති අතර, රටවල් සහ කලාප 19ක් සම්බන්ධ කරමින් භාණ්ඩ වර්ග 200 කට වඩා ප්‍රවාහන කළ හැකි ය.

ගුවන් විදුලිය
20240328බ්‍රහස්පතින්දා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම