චීනයේ තවත් ස්ථාන 4ක් වාරිමාර්ග ව්‍යාපෘති සඳහා වන ලෝක උරුම ලැයිස්තුවට
2022-10-06 16:15:03
Share with:

චීනයේ තවත් ස්ථාන 4ක් වාරිමාර්ග ව්‍යාපෘති සඳහා වන ලෝක උරුම ලැයිස්තුවට ඇතුළත් වෙයි.

Sichuan, Jiangsu, Zhejiang සහ Jiangxi යන පළාත්වල එම ස්ථාන 4 පිහිටා තිබේ. අද(06) 2022 වසරේ ලෝක වාරිමාර්ග ව්‍යාපෘති සඳහා වන 9වැනි කාණ්ඩයේ උරුම ලැයිස්තුවට ඒවා ඇතුළත් විය. මේ සමග, චීනයේ ලෝක මට්ටමේ වාරිමාර්ග ව්‍යාපෘති උරුම සංඛ්‍යාව 30ක් දක්වා වැඩි වී තිබෙන බව චීන ජල සම්පත් අමාත්‍යංශය පවසයි.

මෙම ස්ථාන 4ට සමගාමීව, ශ්‍රී ලංකාව, ඉන්දියාව, ජපානය, දකුණු කොරියාව, ඕස්ට්‍රේලියාව, ඉරාකය ඇතුළු රටවල ස්ථාන 15ක් එම ලැයිස්තුවට ඇතුළත් කර තිබේ. මේ දක්වා, ලෝකයේ වාරිමාර්ග ව්‍යාපෘති උරුමයන්හි සමස්ත සංඛ්‍යාව 140කි. ඒවා රටවල් 18ක පිහිටා තිබේ.


ගුවන් විදුලිය
20240424 බදාදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම